Friday, January 27, 2012

ඇඹිලිපිටිය ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ සිවුදෙනෙක් ක්ලෝරීන් විස වී රෝහලේ

ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර

ඇඹිලිපිටිය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ටැංකිවල ක්ලෝරීන් විස වීමෙන් මණ්ඩලයේ සේවකයන් සිවු දෙනකු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළු කර ඇත.

ඉකුත් 24 දින රාත්‍රී 11.00 ට පමණ මේ සිදුවීම නිසා මණ්ඩලයේ දැනුම් දීම මත අවට ජනතාව වෙනත් ස්ථානවලට තාවකාලිකව පදිංචියට ගොස් ඇත. ජලය උතුරා යාමෙන් මේ සිද්ධිය වූ බව පැවසෙන අතර 25දා වනවිටද දුගඳ පැවැතිණි. මේ සිද්ධිය සමඟ පදිංචිය වෙනස් කළ ඇතැම් පිරිස් යළි තම නිවෙස් කරා පැමිණ නැත.

ජල සම්පාදන මණ්ඩලය වෙත ඊයේ (25) පැමිණි නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. රෝහල් ගතකර සිටි සේවකයන් සිවු දෙනා සිය කැමැත්තෙන් රෝහලින් බැහැර වී ඇති බව ඇඹිලිපිටිය මූලික රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරී බන්දුල සරත් කුමාර මහතාගෙන් කළ විමසුමකදී පැවැසීය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද ඒ මහතා කීය.


http://www.dinamina.lk/2012/01/26/_art.asp?fn=n1201269

No comments:

Post a Comment