Monday, January 30, 2012

මූල්‍ය අරමුද‍ලේ අවසන් ණය වාරිකය ලබා නොගනී

මහ බැංකු හා මුදල් අමාත්‍යංශ තීරණයක්

සංජය නල්ලපෙරුම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණය මුද‍ලේ අවසන් වාරිකය ලබා නොගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාදෙන ණය මුදලින් වාරික 7ක් මේ වන විට ලබාගෙන තිබෙන අතර එහි අවසන් වාරිකය මෙලෙස ලබා නොගැ-නීමට තීරණය කර ඇත.

මේ වන විට ලබාගෙන ඇති ණය වාරිකය සඳහා ගෙවිය යුතු ‍පොලිය වන්නේ සියයට 1.1ක් වන අතර අවසන් ණය වාරිකය ලබාගතහොත් එම ‍පොලී ප්‍රතිශතය සියයට 3.1ක දක්වා ඉහළ යයි. මෙලෙස එම ‍පොලී අනුපාතිකය ඉහළ දමා ගැනීමට අවශ්‍ය නොවන බවත් එම නිසා අවසන් ණය වාරිකය ලබානොගැනීමෙන් කිසිදු අවාසියක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රජය ලබාගැනීමට අපේක්ෂා කර තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක මුදලකි.

එහෙත් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබිණ.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1283:2012-01-29-19-21-01&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment