Sunday, January 29, 2012

ජාතියේ උරුමය උලාකන කම්බා හොරුන්ගේ ටෙන්ඩර් මගඩි!


අපේ රටේ හොරාකෑම අරුමයක්‌ නොවේ. එහෙමටත් එකෙක්‌ හැරුණුවිට රටේ ඉහළම උන්ගේ සිට පහළ උන් දක්‌වා බහුතර පුරවැසි ප්‍රජාවම විවිධ මට්‌ටම් වලින් හොරාකති. ඒ තමතමුන්ගේ වපසරිය තුළය. එහෙම සමාජයක හොරකම පවතින්නේ දෛනික සමාජ පුරුද්දක්‌ ලෙසය. එබැවින් කොමිස්‌ මුදලක්‌ නොදී ආණ්‌ඩුවේ කන්තෝරුවක කැන්ටිමකින් ප්ලේන්ටියක්‌ වත් බොන්නට බැරි රටක ජීවත්වෙන මිනිස්‌සුන්ට ආණ්‌ඩු පෙරළෙන තරමේ කම්පනයක්‌ ඇති කළ හැකි රුපියල් කෝටි ගණන් වලින් කියෑවෙන රාජ්‍ය මුදල් වංචා ඇස්‌ පනාපිට එළි වුවද ඒවා දැනෙන්නේ නැත. අතේ පත්තු වූ ලක්‌ෂ පනහක හැටක වංචාවක්‌ ගැන අප මෙසේ ලියා තබන්නේ එහෙව් රටක මිනිස්‌සුන්ටය.
Read full article: http://www.divaina.com/2012/01/29/feature17.html

No comments:

Post a Comment