Saturday, January 28, 2012

මාඑළිය ශ්‍රීපාද රක්‍ෂිතයේ කොටියකු මස්‌ කළ සැකකරු අත්අඩංගුවට

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක



බගවන්තලාව "මාඑළිය" ශ්‍රීපාද රක්‍ෂිතයේ සැරිසැරූ ඉතා දුර්ලභ ගණයේ කොටියකු මරා මස්‌ කළ සැකකරුවකු එම මස්‌ තොගය ද සමඟÊපෙරේදා (26 වැනිදා) බගවන්තලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඩි 06 ක්‌ පමණ දිගින් යුත් මෙම කොටියාගේ මස්‌ කි. 15 ක්‌ විකිණීම සඳහා ඇසුරුම් කර තිබියදී කොටියා මැරීමට උපයෝගී කර ගත් උගුල, පොරව හා පිහිය ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය කර ඇති දුර්ලභ වර්ගයේ කොටියන් කීපදෙනකු මාඑළිය, ශ්‍රීපාද රක්‍ෂිතය තුළ සැරිසරන බව පවසන පොලිසිය සැකකරු මෙම දඩ මස්‌ ජාවාරම ඉතා සැලසුම් සහගතව කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇති බවට මූලික පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇති බවත් කියයි.

මෙම කොටියාගේ සම්පූර්ණ මස්‌ තොගය කිලෝ 50 කට වැඩි බවත්, ඉතිරිය සැකකරු විසින් කිලෝ එකක්‌ රුපියල් 350/} බැගින් අලෙවි කර ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු බගවන්තලාව රොච්හිල් වත්තේ පදිංචි තිස්‌තුන් හැවිරිදි ආනන්ද කුමාර නමැති අයෙකි.

මරා දමා ඇති කොටියාගේ හම ඉතා අධික මිලකට පිටස්‌තර අයකුට විකිණීම සඳහා සැලසුම් කර තිබූ බව පවසන බගවන්තලාව පොලිස්‌ ස්‌ථානාධිපති අර්ජුන විඡේවර්ධන මහතා අත්අඩංගුවට ගත් මස්‌ තොගය සම්බන්ධව වනජීවී නිලධාරීන්ගේ නිර්දේශ වාර්තාව මත සැකකරු හැටන් දිසා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් පැවැසීය.


http://www.divaina.com/2012/01/28/provin02.html

No comments:

Post a Comment