Sunday, January 29, 2012

තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්

නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සම්බන්ධව ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ලවී ඇත. තමිල්නාඩු ප්‍රාන්තයේ සිට උතුරු නැගෙනහිර මුහුදු තීරයට පැමිණ අනවසර අයුරින් ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධව ද ඉන්දීය රජය දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

ඉකුත් 24 වැනිදා මුලතිව් මුහුදු තීරයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩු ධීවරයන් සහ බෝට්‌ටු ද ඉන්දීය රජයේ මැදිහත්වීම මත නිදහස්‌ කිරීමට සිදුව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගමන් කරන ධීවරයන් නොවන බවත් ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධී ලෙස පැමිණෙන ධීවරයන් බවත් නාවික හමුදාව පවසයි.


http://www.divaina.com/2012/01/29/news03.html

No comments:

Post a Comment