Tuesday, January 31, 2012

හෝමාගම සහ ගොඩගම - නගර සංවර්ධනයට වෙන් කළ ඉඩම් කැලෑවට ගිහින්

හෝමාගම හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා

හෝමාගම විශේෂ – ජිනදාස ගමගේ


හෝමාගම සහ ගොඩගම නගර සංවර්ධනය සඳහා පවරාගත් ඉඩම් කැලෑවට යමින් ඇති අයුරු.
ඡායාරූපය - හෝමාගම විශේෂ

ලක්ෂ 39ක් වැයකර හෝමාගම නගර සංවර්ධනය සඳහා පවරා ගත් ඉඩමේ කොටස් කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් විකුණනු ලැබුවා යැයි ද ඒ හැර නගරය සංවර්ධන සඳහා කිසිදු පියවරක් ගත්තේ නැතැයි ද හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් පෙරුම්බුලි මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ හෝමාගම නගර සංවර්ධනයට පවරාගත් ඉඩම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

හෙතෙම මෙසේද කීය.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙසට මා පත්වූ විට ජනතාවගේ ඉල්ලීමක් වූයේ නගරය සංවර්ධනය කරන ලෙසයි.

ඒ අනුව නගරයට ආසන්නව තිබුණු කුඹුරු ඉඩම (මඩවගුර) ප්‍රාදේශීය සභාවේ මුදල් රුපියල් ලක්ෂ 39ක් වැය කර පවරා ගත්තා එහි ප්‍රමාණය අක්කර 12ක්.

පුස්තකාල ගොඩනැඟිල්ලක්, පොදු වෙළෙඳපොළක් ඇතිකිරීම අපේ අරමුණ වී තිබුණා. එහෙත් ඒවා ඉටුකිරීමට ප්‍රථම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවුණා.

ඔවුන් ඇවිත් නගරය සංවර්ධනය සඳහා කිසිදු වැඩ පිළිවෙළක් සකස් කළේ නෑ. පවරාගත් ඉඩමේ කුණු කසළ බැහැර කිරීම පමණයි සිදු කළේ. අදටත් හෝමාගම නගරය කිසිදු සැලැස්මකට නොමැතිව ඉබාගාතේ වල් වැදී තිබෙනවා.

ලක්ෂ 39ක් ගෙවා ඉඩම ගත්තේ ප්‍රාදේශීය සභාව නගරය සංවර්ධනය කරන්න සැලසුම් කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම කළමනාකරණයට කියා කොටස් කීපයක් විකුණා දැම්මා.

ගොඩගම නගරය සංවර්ධනය කරන්නන් මා පවරාගත් අක්කර 6 ඉඩමත් නාගරික සංවර්ධන අධිකාරිය කොටස් කීපයක් විකුණුවා. අදත් ගොඩගම සංවර්ධයක් නෑ. ඒ පවරාගත් ඉඩම කොටසක් සහ හෝමාගම පවරාගත් ඉඩමෙන් කොටසක් වල් බිහිවෙලා.


http://www.dinamina.lk/2012/01/31/_art.asp?fn=r1201312

No comments:

Post a Comment