Sunday, January 29, 2012

මහනුවරට පිළිකා ප්‍රතිකාර සංකීර්ණයක්

රුපියල් ලක්ෂ 6500 ක වියදමින් ඉදිකෙරුණ මහනුවර මහ රෝහලේ නව පිළිකා ප්‍රතිකාර සංකීර්ණය සඳහා මුල් ගල් තැබීම අද (29) පෙරවරු 8.45 ට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.

මහජන ආධාර මත ඉදි කෙරෙන මෙම පිළිකා ප්‍රතිකාර සංකීර්ණය මහල් 10 කින් සමන්විතය. විකිරණ ප්‍රතිකාර, ශල්‍යාගාර සායන, නේවාසික වාට්ටු, දැඩි සත්කාර ඒකක ඇතුළු සියලු අංගයන්ගෙන් පරිපූර්ණව මෙම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකරන බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුසිල් සිරිවර්ධන මහතා පැවැසීය. මහනුවර සිංහල, දෙමළ හා මුස්ලිම් වෙළෙඳ පෙරමුණු මඟින් මෙහි මහල් තුනක් ඉදිකර දීමට පොරොන්දු වී ඇති බවත් මුල් අදියර යටතේ ඉදිකෙරෙන මහල් 04 සඳහා ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ 200 ක් පරිත්‍යාග කළ බවත් ඒ මහතා කීය.

No comments:

Post a Comment