Friday, January 27, 2012

නොවැම්බර් වෙළෙඳ හිඟය 238.8% කින් ඉහළට

ආර්ථික පුවත්

ගිය වසරේ (2011) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය (ආනයන සහ අපනයන අතර පරතරය) සියයට 238.8 කින් වර්ධනය වී ඇත.

අපනයන ආදායම් වර්ධනය වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යැම නිසා මෙසේ වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. ඉකුත් නොවැම්බර් මස සියයට 11.6 කින් අපනයන ආදායම් වර්ධනය වෙද්දී ආනයන වියදම සියයට 78 කින් වර්ධනය වී තිබේ. මේ නිසා 2010 වසරේ නොවැම්බර් මස වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 325.1 ක වෙළෙඳ හිඟය 2011 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1101.2 දක්‌වා සැලකියයුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

නොවැම්බර් මාසයේ ආනයන වර්ධනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රජයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන භාණ්‌ඩ ආනයනය ඉහළ යැම සහ පුද්ගලික අංශය විසින් කරන ලද ආයෝජන සහ අතරමැදි භාණ්‌ඩ ආනයන ඉල්ලුම ඉහළ යැමයි.


http://www.divaina.com/2012/01/27/news13.html

No comments:

Post a Comment