ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා සංවිධානය විසින් 2011'07'10 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කරන ලද දැන්වීම සඳහා කැලණි පර්යේෂණ කණ්ඩායමෙන් පිළිතුරක්
2011'07'10 - වෛද්‍ය චන්න ජයසුමන
මෙය අමූලික බොරුවකි. පළිබෝධනාශකවල ආසනික් ඇති බව කැලණි පර්යේෂකයන් සොයා ගත්තේ ලෝකයේ සම්මත පර්යේෂණ ක‍්‍රමවේදයට අනුවයි. එම ක‍්‍රමවේදය ක්‍රොප්ලයිෆ් - ශ‍්‍රී ලංකා සභාපති රෝහිත නානායක්කාර මහතා සහභාගි වූ අගමැති කාර්යායේ ජුලි 04 සදුදා රැස්වීමේදී ද ප‍්‍රකාශ විය. එහිදී කිසිදු විද්‍යාඥයෙකු එය අභියෝගයට ලක් කළ‍් නැත.
මෙය හිතා මතාම සත්‍ය වසන් කිරීම සඳහා පළ කෙරුණු දැන්වීමකි. මන්ද ජුලි 4 දින අගමැති කාර්යාල රැස්වීමේදී ක්‍රොප්ලයිෆ් - ශ‍්‍රී ලංකා සභාපති රෝහිත නානායක්කාර මහතා ඉදිරිපිට, වෙළද නාම 9කට අයත් පලිබෝධනාශකවල ආසනික් ඇති බව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රකාශ කළේය. මෙම දැන්වීම රෝහිත නානයක්කාර මහතා දැනුවත් කිරීමකින් තොරව පළ කරන ලද දැන්වීමක්ද? එසේ නැතහොත් ජුලි 7 දින ද පර්යේෂණ කණ්ඩායම නැවත නැවත තහවුරු කළ තොරතුරු සහ අගමැති කාර්යාලයේදී හෙළිදරව් වූ කරුණු වසන් කිරීම සඳහා මෙම දැන්වීම රෝහිත නානයක්කාර මහතාගේ දැනුවත් භාවයෙන් ප‍්‍රකාශයට පත් වූවක්ද?
පළිබෝධනාශකයක අපද්‍රව්‍යයක් ලෙස ආසනික් අඩංගු විය හැකියි යන්න ජනතාව නොමඟ යැවීම සඳහා සමාගම් නිර්මාණය කරන අලූත් බොරුවකි. මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් ප‍්‍රකාශ නිකුත් කිරීමත් දැන් සිදු වේ.
2003 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ අන්තර්ජාතික රසායනික විද්‍යා සම්මේලනයේ නියෝජිතයන් දීර්ඝ ලෙස කරුණු හැදෑරීමෙන් පසු අපද්‍රව්‍ය ලෙස ආසනික් තිබිය හැක්කේ පළිබෝධනාශක වර්ග 132න් 6 ක පමණක් බව අනාවරණය කරන ලදී.
එම 6 නම්,
1. Aluminium Phospnide
2. Copper oxychloride/ copper oxide
3. DSMA
4. MSMA
5. Zinc Phosphide
6. Zined
මේ ආකාරයට අගයයන් තම ආයතනය හදුන්වා දී නැති බව ප‍්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප‍්‍රියදර්ශණී තල්ගස්වත්ත මහත්මිය අග‍්‍රාමාත්‍ය කාර්යාලීය රැස්වීමේදී ප‍්‍රකාශ කළාය. 1950-1960 දශකවලදී ලෝකයේ මෙවැනි අගයයන් විවිධ රටවල හදුන්වාදීම සිදු කළ ද දැන් ඒවා ඉවත් කර ඇත. ඊට හේතුව ආසනික් අංක එකේ පිළිකාකාරකයක් (Class 1 carcinogen) වීමයි. එවැන්නකට උපරිම අගයක් හෝ ලබාදිය නොහැකි තරම් භයානක වීමයි. (Nonthreshold carcinogen)
(Ref - Prof. Anarew Meharg, Getting to the bottom of arsenic standards and guidelines, Environ. Sci. Technol. 2010, 44, 4395-4399)
ඇමුණුම





No comments:
Post a Comment