ඒමන්ති මාරඹේ
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සහ අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රෝහල්වල පරිපාලන තනතුරු 20 ක් පමණ පුරප්පාඩුව පැවැතීම හේතුවෙන් එම ආයතනවල පරිපාලනය බරපතළ ලෙස බිඳවැටී ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.
මෙසේ පුරප්පාඩුව පවතින පරිපාලන තනතුරුවලින් 12 ක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින තනතුරු වන අතර වෛද්‍ය සේවා තනතුරු 4 ක් හා පරිපාලන සේවා තනතුරු 8 ක් පුරප්පාඩුව පවතින බව සෞඛ්‍ය සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවැසීය.
පරිපාලන සේවයේ නිලධාරීන් සේවයේ නිරතව සිටිය යුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්), පරිපාලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, සහකාර ලේකම් (පාලන), සහකාර ලේකම් (වැටලීම්), අධ්යක්ෂ (වෛද්‍ය සේවා) අධ්යක්ෂ ෂඪ, අධ්යක්ෂ ඪ හා අධ්යක්ෂ ඪෂ යන පරිපාලන තනතුරුද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ෂ හා වෛද්‍ය සේවා ෂෂ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ෂෂ) ඇතුළු වෛද්‍ය පරිපාලන තනතුරු හා කොළඹ ජාතික, බොරැල්ල රි-වේ ආර්යා ළමා, මහනුවර ශික්ෂණ, කරාපිටිය, ගාල්ල, කාසල් වීදිය මාතෘ, බදුල්ල හා කෑගල්ල යන රෝහල්වල අධ්යක්ෂ තනතුරු මෙසේ පුරප්පාඩුව පවතී.
මේවාට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින භාෂා පරිවර්තක තනතුරු 4 ක් හා අමාත්‍යාංශය තුළ හා රජයේ රෝහල්වල පවතින සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු 385 ක් මේ වන විට පුරප්පාඩුව පවතින බව හෙතෙම සඳහන් කළේය.
මෙම පුරප්පාඩු පිරවීම සම්බන්ධව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇතත් මෙතෙක් එම පුරප්පාඩු පිරවීමට පියවර ගෙන නොමැති බව සෞඛ්‍ය සන්ධාන සභාපතිවරයා පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන තනතුරුවල පුරප්පාඩු හේතුවෙන් කාර්ය මණ්ඩලවල වැටුප් වර්ධක ලබාදීම, ශ්‍රේණි උසස්වීම් ලබාදීම, නව ශ්‍රේණිවලට අන්තර්ග්‍රහණය කිරීම්, සේවා ව්‍යවස්ථා සැකසීම් හා විමර්ශන කටයුතු අඩාල වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2011/08/12/news17.html
No comments:
Post a Comment