ඒමන්ති මාරඹේ
කොළඹ 10 වෛද්‍ය සැපයුම් අංශයට අයත් ගබඩාවල වසර ගණනාවක් තිස්සේ තැන්පත් කර තිබෙන රුපියල් මිලියන ගණනක් වටිනා කල්ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල බෙහෙත් ශල්‍ය ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ ටොන් ගණනක තොගයක් කඩිනමින් විනාශ කර දැමීමට වෛද්‍ය සැපයුම් අංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව තීරණය කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
වෛද්‍ය සැපයුම් අංශයට අයත් ගබඩාවල 1/5 ක ඉඩ ප්‍රමාණයක තැන්පත් කර තිබෙන මෙම විනාශ කිරීමට නියමිත බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ තොගය අතර 2009 වසරේ කල් ඉකුත් වීමෙන් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලද "පෙතිඩීන්" නමැති වේදනා නාශක එන්නත් දියර කුප්පි තුන් ලක්ෂයක පමණ තොගයක්, එන්නත් සඳහා භාවිත කරන හයිපොඩමික් නීඩ්ල්ස් 19 ජී, 24 ජී හා 25 ජී ලක්ෂ ගණනක තොගයක් වන බව එම ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල බෙහෙත්, ශල්‍ය ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ තොගය විනාශ කිරීමට භාර දෙනු ලබන පෞද්ගලික සමාගම සඳහා එම තොගයෙන් ටොන් එකකට රුපියල් 25,000 ක පමණ මුදලක් ගෙවීමට සිදු වන බව වෛද්‍ය සැපයුම් අංශ නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.
කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල බෙහෙත් තොග වසර ගණනක් තිස්සේ තැන්පත් කර තබාගැනීම නිසා අලුතින් රජයේ රෝහල් සඳහා ආනයනය කරනු ලබන බෙහෙත් තොග ගබඩා කිරීමේ ඉඩකඩ ඇහිරී තිබේ.
http://www.divaina.com/2011/08/12/news21.html
No comments:
Post a Comment