වංචාවල අතිරේක - ගැමුණු චන්ද්‍රලාල්
ලෝකයේ දර්ශනීය මුහුදු වෙරළවල් අතරින් 12 වන ස්ථානය හිමිකරගෙන තිබෙන ගාල්ල උණවටුන මුහුදු තීරය දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇත. විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන උණවටුන මුහුදු තීරයේ සංචාරක ව්‍යාපාරික ස්ථාන 15 ක් පමණ මුහුදු කෑමට ලක්ව ඇත.
උණවටුන ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත මාතරගේ තිලක් මහතා පවසනුයේ මීටර් 25 ක් පමණ මුහුදු ගොඩබිමට පැමිණ ඇති බවය. ඔහු මෙසේ කිවේය. මම උණවටුනේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් අවුරුදු 28 ක් වනවා. කවදාකවත් නැති විදිහට මෙවර මුහුදු කෑම ඇතිවී තිබෙනවා. මගේ රෙස්ටුරන්ට් එකේ සිට මීටර් 25-30 ක් වෙරළ තිබුණා. ඒවා වෙනස්වෙලා. සුනාමියට පස්සේ මුහුදු තීරයේ තියෙන ගල්පරය පහත්වී තිබෙන බව පැමිණි සංචාරකයන් මට පැවසුවා. අද වැලි වෙරළට ගසාගෙන එන්නේ නැහැ. වැලි නැති නිසා වෙරළක් නැහැ. ගල් දාලා මේක නවත්වන්න බැහැ. ගල් දානවට අපි විරුද්ධයි. මුහුදු වෙරළ තිබිය යුතුයි. ගල් දැම්මොත් ඒක නැතිවෙනවා. පරය පහත්වීම නිසා තමයි මේ මුහුදු කෑම වැඩිවී තිබෙන්නේ. පරයට එහායින් ගල් දමලා රළ පහර අඩුකරන්න පුළුවන්. එතකොට මුහුදු වෙරළ ඉතිරි වෙනවා.
සංචාරක ව්‍යාපාරිකයකු වන සමන් කුරුප්පු මහතා මෙසේ කීවේය. මේ මුහුදු කෑම නිසා මුහුදු වෙරළක් ඉතුරුවෙන්නේ නැහැ. විදේශීය සංචාරකයන් එන්නේ මුහුදු වෙරළ තියෙන විටයි. මුහුදු වෙරළට සංචාරකයන් එනවා. වෙරළ නැති වෙනකොට සංචාරකයන් එන්නේ නැහැ. හික්කඩුව - බෙන්තොට සංචාරක හෝටල් වල ඉඳලා සංචාරකයන් උණවටුනට එනවා. එහෙම එන සංචාරකයන් මුහුදු වෙරළ නැති වුණාම වෑන් එකෙන් බහින්නේ නැතිවම ආපසු යනවා. මේ නිසා උණවටුනේ සංචාරක ව්‍යාපාරය නතර වෙන්න පුළුවන්. මෙයට ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි. මීට වසර 25 කට පෙර උණවටුන මුහුදු තීරය ලස්සනට තිබුණා. උණවටුනේ සංචාරක කර්මාන්තයෙන් යෑපෙන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ජීවන වෘත්තිය සුරක්ෂිත කළ යුතුයි.http://www.divaina.com/2011/08/10/provin03.html
No comments:
Post a Comment