- පරිසර සංවිධාන එකමුතුව
ජගත් කණහැරආරච්චි - සිරිමන්ත රත්නසේකර
දීප ව්‍යාප්තව ලබන 12 හා 13 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත වන අලි ඇතුන් සමීක්ෂණයට සහාය දැක්වීමට තීරණය කර තිබූ පරිසර සංවිධාන 12 කින් යුත් එකමුතුව ඊට කිසිදු සහයෝගයක් ලබා නොදීමට තීරණය කර ඇත.
අලි ඇතුන් සමීක්ෂණයෙන් පසු හඳුනාගත් අලි ඇතුන් හා අලි පැටවුන් 300 ක් පමණ ගෘහාශ්‍රිත කිරීමට පියවර ගන්නා බවට ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා කර තිබූ ප්‍රකාශ හේතුවෙන් පරිසර සංවිධාන ඉහත තීරණය ගෙන තිබේ.
අලි ඇතුන් ගෘහාශ්‍රිත කිරීමේ අනිටු ඵල විපාක දැනටමත් අප භුක්ති විඳිමින් සිටින බවත් මෙම සියවස උඩදී අලි ඇතුන් මෙරටින් වඳවී යැමේ තර්ජනයට මුහුණපා ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මෙරට පැවැත්වෙන පෙරහැරවලට අවශ්‍ය අලි ඇතුන් ප්‍රමාණයේ කිසිදු හිඟයක් නොමැති බවත් අවධාරණය කරන පරිසර සංවිධාන එකමුතුව විහාරස්ථාන සඳහා යෑයි පවසමින් අලි ඇතුන් අල්ලා ගැනීමට තැත්කිරීම හරහා ක්‍රියාත්මක වන්නේ වෙනත් වෙනත් පෞද්ගලික වුවමනාවන් යෑයි සඳහන් කරයි.
වන අලි ඇතුන් සමීක්ෂණය කෙරෙනුයේ වෙනත් කිසිදු පුද්ගලයකුට ලබාදීමට නොවන බව ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා දැන් පවසන්නේ නම් එය එසේ සිදුවන්නේ වෙනත් පාර්ශ්වයකගේ බලපෑමකට යටත්ව මිස සැබෑ ලෙසම තම අරමුණ වෙනස් කර නොගෙන බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති අලි ඇතුන් රැකගැනීමට ඇමැතිවරයාට සැබෑ ලෙසම අවශ්‍ය නම් ඇමැතිවරයා කළ යුතුව ඇත්තේ පෞද්ගලික ඕනෑ එපාකම් අනුව කටයුතු කිරීම නොවන බවත් ඔවුහු පවසති.
කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ ඉහත අදහස් පළ කළේය.
මේ අවස්ථාවට පරිසර සංවිධාන එකමුතුවේ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන, නයනක රන්වැල්ල, පුබුදු වීරරත්න, සංජීව චාමිකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
http://www.divaina.com/2011/08/10/news35.html
No comments:
Post a Comment