Tuesday, November 29, 2011

අනාවැකි පළ කෙරෙන තාක්‍ෂණික උපකරණ මාස 8 ක්‌ ගතවෙලත් තවම ලැබුණේ නැහැ

- ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර


එක්‌ දින යාත්‍රා භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත ධීවරයන් අහස දිහා බලලා මුහුදු යනවා හැරෙන්න ඒ අය කාලගුණ අනාවැකි එතරම් ගණන් ගන්නේ නැහැ. ඒ අය එදිනෙදා උපයන දෙයින් වේල පිරිමසා ගන්න නිසා එක දවසක්‌ මුහුදු නොගියොත් ඒ අයගේ පවුලේ සාමාජිකයන්ගේ අඩුපාඩු සපුරන්න විදිහක්‌ නැහැ. ඒ නිසා කාලගුණය මොනවා කිව්වත් ඔවුන් මුහුදු යනවා. පසුගිය 25 වැනිදා උදේ චණ්‌ඩ මාරුතයට ගොදුරු වෙලා තිබුණේ ඊට කලින් දවසෙ මුහුදු ගිය ධීවරයන් පිරිසක්‌ ආපසු ගොඩබිමට එමින් සිටියදියි. එවැනි අවස්‌ථාවක අතරමග ඉන්න ධීවරයන්ට ගොඩබිම ආසන්නයේ ආපදාවක්‌ ඇති බව ඒ මොහොතේ දැනුම්දිය හැකි ක්‍රමයක්‌ අපට නැහැ.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පසුගියදා හටගත් අවපීඩන තත්ත්වයක්‌ හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් දිස්‌ත්‍රික්‌ක 14 ක 66286 ක්‌ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූහ. තද සුළං, තද වැසි, ජල ගැලීම්, කඳු කඩාවැටීම්. නාය යැම් යන ආපදා අතර දකුණු පළාතට පසුගිය සිකුරාදා (25 වැනිදා) පෙරවරුවේ බලපෑ තද සුළං නැත්නම් චණ්‌ඩ මාරුතයෙන් ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌කවල ජන ජීවිතය මුළුමනින්ම අඩාල විය.

මෙම තත්ත්වය පිළිබඳ පූර්ව දැනුම්දීමක්‌ සිදු නොකළ බවට විවිධ අංශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා නගන්නට වූ අතර ඒ සම්බන්ධයෙන් සහ රටේ ආපදා තත්ත්වයන් හමුවේ රජයේ ක්‍රියාකාරීත්වය කෙසේදැයි එම විෂය භාර ඇමැතිවරයා වන ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් අපි විමසුවෙමු.

No comments:

Post a Comment