Friday, November 25, 2011

Low quality petrol issue and heagin deal (2 issues)

‘බාල පෙට්‍රල්’ සිද්ධියේ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට හෙළිකරනවා
- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙනිය, සුභාෂිණි සේනානායක

බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට හෙළි කරන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

මේ සිද්ධියට අදාළ සියලුම විමර්ශන හා පරීක්‍ෂණ කටයුතු සිදුකර අවසන් බවත් ඇමතිවරයා පැවසීය. දැනට ඉතිරිව තිබෙන බාල පෙට්‍රල් තොග ලංකාව තුළ බෙදා නොහරින බව කී ඇමතිවරයා ඒවා රටින් පිටතට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද කීය.

හෙජින් ගනුදෙනුව සම්බන්ධව පවතින නඩු කටයුතු අවසන් වූ පසුව ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගන්නා බවද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

හෙජින් ගිවිසුමට අදාළව සිංගප්පුරුවේ සහ එංගලන්තයේ විභාග වූ නඩු දෙකට සහභාගී වීම සඳහා පිටත්ව ගිය සාක්‍ෂිකරුවන් වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරන ලද වියදම රුපියල් එක්කෝටි තිස් අටලක්‍ෂ අනූඅටදහස් තුන්සිය අනුතුනයි ශත පනහක් බවද ඇමතිවරයා සඳන් කෙළේය. එංගලන්තයේ සිටි බැංකුව සම්බන්ධ බේරුම්කරණය වෙනුවෙන් රුපියල් හැටඅටලක්‍ෂ අසූ එක්දහස් හත්සිය විසි දෙකයි ශත පනහක්ද, එංගලන්තයේ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සම්බන්ධ නඩුව සඳහා රුපියල් හැත්තෑ අටලක්‍ෂ දහසය දහස් හයසිය හැත්තෑ එකක්ද මෙසේ වැය වී ඇතැයි ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ වියදම තුළ නීතිඥවරුන්ට ගෙවූ ගාස්තු ඇතුළත් වී නැතැයිද කී ඇමතිවරයා මේ නඩු දෙකටම සාක්ෂිකරුවන් ලෙස එවකට විෂය භාර ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, එවකට ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිව සිටි අසන්තද මෙල් යන මහත්වරුන් ඇතුළුව සාක්‍ෂිකරුවන් එකොළොස් දෙනෙකු එංගලන්තයට ගොස් තිබූ බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ පිරිසට සිංගප්පුරුවේ අමාරා හෝටලයේ නවාතැන් වෙනුවෙන් රුපියල් පනස් දෙලක්ෂ විසිහතර දහස් අසූදෙකක්ද ලන්ඩන් හි පාර්ක් ඉන් හෝටලයේ නවාතැන් ගැනීම වෙනුවෙන් රුපියල් හැට දෙලක්ෂ හැට දහස් හාරසියයක් ගෙවා ඇතැයි ද ඇමතිවරයා කීය. සමස්ත වියදම තෙල් සංස්ථාව විසින් දරා ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

http://www.dinamina.lk/2011/11/25/_art.asp?fn=p1111252


Balance low quality petrol to be shipped out of the country

Petroleum Industries Minister Susil Premjayanth yesterday told Parliament that the government would remove all that remained of low quality petrol imported in June out of the country.

The remains of the low quality petrol amounts to 2600 tonnes and this would not be distributed within the country, he said.

Responding to a question raised by UNP Kurunegala District MP Dayasiri Jayasekera the Minister said that compensation for almost all the owners of vehicles damaged by using low quality petrol had been paid.

All the details pertaining to the issue of importing low quality petrol into the country would be produced before Parliament very soon, the minister said.

The investigations related to this issue had been completed and the ministry was in a process to mitigate the losses caused by the importation of low quality fuel, he added. (SI)

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=39758

No comments:

Post a Comment