Thursday, November 24, 2011

තුවාල ලැබූ වල් අලියා දින කීපයක්‌ එකම තැන

මහියංගන අතිරේක - රංජිත් කරුණාවීර

වික්‌ටෝරියා, රංදෙනිගල රංටැඹේ වන රක්‍ෂිතයට ආසන්න වූ උඩදුම්බර මඩුගල්ල තිඹිරිගහමඩිත්ත ප්‍රදේශයේ තුවාල ලැබූ වන අලියකු ඇවිඳීමට අපහසුව එක්‌තැන් වී ඇති බව තිඹිරිගහ මඩිත්තේ ගම්වාසීහු පවසති. මෙම තුවාල ලැබූ වන අලියා දින හතරක්‌ තිස්‌සේ ඇවිදීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

දින තුනක සිට මේ තුවාල ලැබූ වන අලියා පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද මේ වනතුරු වනජීවී නිලධාරීන් පැමිණියේ නැතැයි ඔවුහු සඳහන් කරති.

දින කිහිපයක්‌ මෙම වල් අලියා පිළිබඳ දැනුම් දුන්නද නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මේ පිළිබඳව ගම්වාසීන් විසින් උඩදුම්බර පොලිසියට දැනුවත් කෙරුණු අතර උඩුදුම්බර පොලිසියේ ස්‌ථානාධිපති සේනක ජයසිංහ මහතා එම ස්‌ථානයට ගොස්‌ තුවාල ලැබූ අලියා පිළිබඳව සොයා බැලීය.


http://www.divaina.com/2011/11/24/news18.html

No comments:

Post a Comment