Wednesday, November 23, 2011

ශ්‍රී ලංකාව දුම්කොළ විරෝධය ප්‍රබලව ක්‍රියාත්මක වන රටක්

- මහාචාර්ය කාලෝ ෆොන්සේකා

උපාලි කරුණාරත්න

දුම්කොළ විරෝධී වැඩපිළිවෙළ ප්‍රබලව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳීන්විය හැකි බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය. දුම්කොළ වගාව, දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන රට තුළින් ඉවත් කිරීම එක රැයකින් කෙරිය නොහැකි බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ, “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” පර්යේෂණ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී මෙම උත්සවය ඊයේ (22) පැවැත්විණ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන මානව විරෝධී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. දුම්කොළ හා මද්‍යසාර හේතුවෙන් රටට විශාල හානියක් සිදුවන බව ද, උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සිගරට් භාවිතය නිසා පිළිකා සෑදුන ජනතාව සඳහා රෝහලක් සාදන ලෙස දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන කරන සමාගම්වලින් ඉල්ලා සිටිය යුතු බව ද රතන හිමියෝ මෙහිදී පැවසූහ.දුම්කොළ හා මද්‍යසාරවලින් ජනතාවට සිදුවන විනාශය පිළිබඳව අපි කතා කරන්න ඕනෙ. එම මානව විරෝධී ක්‍රියාව පිළිබඳව මානව හිමිකම් සංවිධාන ද කතා කළ යුතුයි. මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් භාවිතය අඩු කළහොත් එමඟින් සමාජයට සිදුවන යහපත ගැන ඒවා භාවිතා කරන්නන් සිතිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මහාචාර්ය එච්. එම්. එස්. පි‍්‍රයනාත් මහතා - “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” කෘතිය ඉතා සරලවයි රචනා කර තිබෙන්නෙ. අපි මෙමඟින් බලාපොරොත්තු වන්නෙ සමාජයට යම් දැනුමක් ලබා දීමටයි. දුම්කොළ වගාවේදී ගොවීන්ට අධික කායික හා මානසික වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ඒ සඳහා ගොවීන් යොමු වී ඇත්තේ සමාගම් ක්‍රියාත්මක කර ඇති ආකර්ෂණීය පහසුකම් හේතුවෙන්. එමෙන්ම දුම්කොළ වගාව ගොවීන්ට අහිතකර බව අද ඔප්පු වී තිබෙනවා. අප රටේ දුම්කොළ වගාවේ නියැලෙන ගොවීන් හයදහසක් පමණ සිටින බව සිතිය හැකියි. සමහර ගොවින් දුම්කොළ හඳුන්වන්නෙ “දුක්කොළ” නමින්.


http://www.dinamina.lk/2011/11/23/_art.asp?fn=n11112314

No comments:

Post a Comment