Wednesday, November 30, 2011

මේ වසරේ මුල් මාස අටේ මත්ස්‍ය නිෂ්පාදනය 14.7 කින් ඉහලට

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ (2011) පළමු මාස අට තුළ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් 276, 740 ක්‌ දක්‌වා සියයට 14.7 කින් ඉහළ ගොස්‌ ඇත.

මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සියයට 15 කින් සහ මිරිදිය ධීවර අංශය සියයට 12 කින් වර්ධනය වෙමින් වසරේ මුල් මාස අටේදී රටේ සමස්‌ත මත්ස්‍ය නිෂ්පාදනය සියයට 14.7 කින් ඉහළ යැමට දායක වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක දැක්‌වේ.

අදාළ කාලය තුළ ධීවර ආම්පන්න හා ධීවර යාත්‍රා පහසුකම් වැඩි දියුණු වීම මෙන්ම අලෙවි කටයුතුවල සිදුවූ වැඩිදියුණු වීම නිසා මුලතිව්, කිලිනොච්චි, යාපනය සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌කවල මත්ස්‍ය නිෂ්පාදන සියයට 29 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇතැයිද එම වර්තාව අනාවරණය කරයි. මේ කාලය තුළ ඉස්‌සන් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 21 කින් වර්ධනය වෙමින් මෙටි්‍රක්‌ ටොන් 2640 ක්‌ වූ බවද එම වාර්තාවේ දැක්‌වේ.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ ගියත් මාළු ඉල්ලුම ඉහළ මට්‌ටමක පැවති නිසා මාළු මිල ගණන්ද ඉහළ මට්‌ටමක පැවතුණි. මේ ඒ අනුව ඒක පුද්ගල මාළු පරිභෝජනය කිලෝග්‍රෑම් 9.75 සිට කිලෝග්‍රැම් 11.40 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් දැක්‌වේ.

http://www.divaina.com/2011/11/30/news15.html

No comments:

Post a Comment