Saturday, November 26, 2011

එකම කාසියේ දෙපැත්ත වැනි සංචාරක ව්‍යාපාරය

අඹගස්‌පිටිය විල්ප්‍රඩ් බොනිපස්‌ මැල්ලව

ඈත අතීතයේ අපරට විදේශ විනිමය ලබා ගත්තේ තේ, පොල්, රබර්, නිර්යාත කරමිනි. 1977 පසුව බිහිවූ රජයේ විවෘත ආර්ථික රටාව තුළ ගොනු වෙමින් නිදහසේ වෙළෙඳ කලාපයන්හි නිෂ්පාදනයන්, ලාංකික කතුන්ට මැදපෙරදිග රටවල සේවයට ඉඩකඩ විවර කිරීම තුළින් විදේශ විනිමය අප රටට ගලා ආවේය. අපි එය අගය කරමු. එහෙත් විවෘත නිදහස්‌ ප්‍රතිපත්ති තුළ මැද පෙරදිග හා වෙනත් විදෙස්‌ රටවල සේවයට ගිය කාන්තාවන් හා පිරිමින් අප රටට ගෙනාවේ විදේශ විනිමය පමණක්‌ නොව දුක්‌ඛ සන්තාපයන් ද වේ. ඒ පිළිබඳව මෙම කතාව මුසු කිරීම මා අදහස නොවන අතර විදේශ විනිමය වෙනුවෙන් කිසිදු විටක අපගේ සංස්‌කෘතික දායාදය පාවා දියයුතු නොවේය යන මා හැඟීමය. පවුම්, ඩොලර් හා මැදිපෙරදිග රියාල්වලට අප අපගේ සිංහල ගති පාවා දිය යුතුද?

වත්මන් රජය මෙන්ම පෙර තිබූ රජයන්ද විදේශීය සංචාරයට මුල්තැන දෙමින් විදේශිකයන්ගේ පාරාදීසයක්‌ මවන්නට විවිධ වූ වැඩසටහන් යටතේ නිර්මාණය කළහ. එහෙත් පසුගිය තිස්‌ වසරක්‌ පුරාවට විදේශ සංචාරකයන්ගේ පැමිණීම දුර්වලවීම නිසා අප රජයන් හා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම හෝටල් ව්‍යාපාරයන්ද හා සබැඳුන විවිධ වූ ක්‍ෂේත්‍රයන් අභාවයට පත්විය. එකී ව්‍යාපාරයන් වේලී ගියහ. ලැබිය යුතු වූ විදේශ විනිමය අහිමි විය. එය අප රට සංවර්ධනයට බාධාවක්‌ විය. පැවැති රජයන්හි නායකකාරකාදීන් ඒවායෙහි වගකීම භාර ගත යුතු වුවද නොනැවතුන යුද්ධයේ ශාපයට එය බාර කරමින් විලිවසා ගත්බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුය.


Read full article: http://www.divaina.com/2011/11/26/feature03.html

No comments:

Post a Comment