Friday, November 25, 2011

මේ වසරේ 7,50,000 වැනි සංචාරකයා දිවයිනට පැමිණේ

නුවන් කොඩිකාර සහ අනුෂා ගුරුසිංහ

මේ වසර තුළදී දිවයිනට පැමිණි 750000 වැනි සංචාරකයා වූ පලස්තීන ජාතික මොහොමඩ් ඇල්බෝරිනි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මහත් හරසරින් ඊයේ (24) සවස 4.10 ට පිළිගනු ලැබිණි.

කටාර් ගුවන් සේවයට අයත් Qඅ 302 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි මේ සංචාරකයා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීන් විසින් පිළිගැනිණ..

දිවයිනට පැමිණි මේ සංචාරකයාට මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා සංචාරක චාරිකා තිළිණ පැකේජයක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ. දින තුනක් රාත්‍රී දෙකක් වන පරිදි මේ විශේෂ පැකේජය සකස්කර ඇත.

මේ දක්වා වසරක් තුළ දිවයිනට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාවද මෙය වන අතර ලතින් ඇමරිකාව, බටහිර යුරෝපීය රටවල සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවැසීය.

මීට පෙර වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ වන අතර එම සංඛ්‍යාව 654476 කි.

http://www.dinamina.lk/2011/11/25/_art.asp?fn=n11112510

No comments:

Post a Comment