Wednesday, November 23, 2011

විදුලිබල මණ්‌ඩලය රාජ්‍ය ආයතනවලට රු. කෝටි 23,322 ක්‌ ණයයි

- ඇමැති චම්පික රණවක

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ලංකා විදුලිබල මණ්‌ඩලය රාජ්‍ය ආයතනවලට රුපියල් කෝටි 23,322 ක ණය මුදලක්‌ ගෙවීමට තිබෙන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන්වේ.

එම මුදලින් රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 1513 ක්‌ද, රුපියල් කෝටි 21,810 ක්‌ රජයේ අනෙකුත් ආයතනවලටද ගෙවිය යුතුව ඇතැයි එම ලේඛනයේ දැක්‌වේ.

මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් රුපියල් කෝටි 1280 ක්‌ සහ එම බැංකුවේ අයිරාවක්‌ වෙනුවෙන් රුපියල් කෝටි 233 ක්‌ද ගෙවීමට තිබෙන බව එම පිළිතුරේ දැක්‌වේ.

විදුලිබල මණ්‌ඩලය ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් කෝටි 5132 ක්‌ද, මහා භාණ්‌ඩාගාරයට රුපියල් කෝටි 16,678 ද ණය වී ඇතැයිද ඇමැතිවරයා සභාගත කළ ලේඛනයේ සඳහන් වේ.

විදුලිබල මණ්‌ඩලය 2009 වසරේදී රුපියල් කෝටි 1121 ක මෙහෙයුම් අලාභයක්‌ ලැබූ බව ද 2010 දී රුපියල් කෝටි 496 ක මෙහෙයුම් ලාභයක්‌ ලබා ඇතැයි එකී ලේඛනයේ දැක්‌වේ. කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (ප්‍ර. ජා. ස) සුනිල් හඳුන්නෙත්ති මහතා ඇසූ පැනයකට අදාළ පිළිතුරු ලෙස ඇමැතිවරයා මෙම ලේඛනය සභාගත කළේය.

http://www.divaina.com/2011/11/23/news22.html

No comments:

Post a Comment