Sunday, November 27, 2011

අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග හත්සිය පනහක්‌ රට පුරා

සිරිමන්ත රත්නසේකර

සම්පූර්ණයෙන්ම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග හත්සිය පනහක්‌ මෙරට ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඊ. ඒ. පී. ආරියරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

මෙම දුම්රිය හරස්‌ මාර්ග ඇතුළු සියලුම දුම්රිය හරස්‌ මාර්ගවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රුපියල් කෝටියක මුදලක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වෙන්කර දී ඇති බව පැවැසූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා 2012 අයවැයෙන් රුපියල් කෝටි 20 ක මුදලක්‌ ඒ සඳහා වෙන්කර දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා ඇති බවත් හෙතෙම කීවේය.

ඒ අනුව ඉදිරි දෙවසර තුළ සියලු අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

පුත්තලම හා කැලණිවැලි දුම්රිය මාර්ගවල අනතුරු වැඩි වශයෙන් සිදුවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ඊ. ඒ. පී. ආරියරත්න මහතා පැවැසීය.

http://www.divaina.com/2011/11/27/news03.html

No comments:

Post a Comment