එස්. පී. ආරියරත්න - රත්මලාන
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පුරා වසර 30 ක පමණ කාලයක් ඉමහත් සේවයක් සිදුකරමින් නරඹන්නන්ට විශාල ආශ්වාදයක් ලබා දුන් "බුළු" නමින් හැඳින්වෙන ඔරං ඔටං සත්වයා පෙරේදා (21 වැනිදා) දහවල් මිය ගියේය.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සත්වෝද්‍යානයෙන් 1983 වර්ෂයේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනෙනු ලැබූ "බුළු" මිය යනවිට 37 වැනි වියේ පසුවිය. ඉන්දුනීසියාවේ සහ වනාන්තරවල ජීවත්වන ඔරං ඔටං සතුන් අතුරින් මෙම සත්වයා බෝර්නියෝ වර්ගයේ දෙමුහුන් සත්ත්වයකු වීම විශේෂත්වයකි.
පසුගිය කාලයේ මෙම සත්වයාගේ ඇතිවූ හර්නියා තත්ත්වය සුව කිරීම සඳහා සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා ප්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ශල්‍යකර්මයක් සිදු කළ අතර එය සත්වෝද්‍යාන ඉතිහාසයේ සිදු කළ අතිසාර්ථක මෙන්ම මෙවන් සතකුට සිදු කළ එම වර්ගයේ ප්‍රථම ශල්‍යකර්මයද විය. ඉන් නිරෝගී සුවයෙන් සිටි "බුළු" මීට සතියකට පෙර සිට වයස්‌ගතවීම නිසා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වරින් වර අසනීප තත්ත්වයට පත්විය.
http://www.divaina.com/2011/11/23/news25.html
No comments:
Post a Comment