ශිරාන් රණසිංහ
වංචනිකව විදුලිය ලබාගන්නා පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන්ගෙන් දඩ මුදල් අයකර ගන්නවාට අමතරව එවැනි අයට විදුලි හිමිකම කිසිදු ලෙසකින්වත් ලබා නොදීමට විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙරට ඇතැම් අය විසින් සිදුකරනු ලබන විදුලි වංචා නිසා විදුලිබල ක්‍ෂේත්‍රය බරපතළ අර්බුදයකට පත්ව ඇති අතර විදුලිබල මණ්‌ඩල විශේෂ වැටලීම් ඒකකයේ වාර්තා සලකා බලන විට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මෙම විදුලි වංචාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
මේ වන විට දෛනිකව වැටලීම් කරමින් විදුලි වංචා කරන පිරිස් හා ස්‌ථාන අල්ලා අධිකරණයට ඉදිරිපත් කර දඩ හා අලාභ මුදල් අයකර ගනී.
පවතින නීති රීතිවලට අමතරව මෙවැනි විදුලි වංචාකරුවන්ට විදුලි හිමිකම කිසි ලෙසකින්වත් ලබානොදී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමැතිවරයා පවසා සිටී.
http://www.divaina.com/2011/11/23/news08.html
No comments:
Post a Comment