Monday, November 28, 2011

පස්‌සර - මඩුගස්‌තලාව පාරට පස්‌ කඳු කඩා වැටේ

නමුණුකුල යූ. බී. පල්ලේගෙදර

ඉකුත් 25 වැනිදා දවස පුරා සහ ඊට පෙර දිනයන්හි ඇදහැලුණ වර්ෂාව නිසා පස්‌සර මඩුගස්‌තලාව මාර්ගයට පස්‌ කඳු කීපයක්‌ කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

මඩුගස්‌තලාව, එගොඩවෙල රබර්වත්ත නම් ස්‌ථානයට පස්‌ කඳු කඩාවැටීමෙන් මෙලෙස එම මාර්ගය අවහර වී තිබේ. මේ හේතුවෙන් මඩුගස්‌තලාව හා ඒ අවට පදිංචි ගොවි පවුල් 1500 කට ආසන්න පිරිසකගේ ගමනාගමනය අඩාල වී ඇත. මෙයින් වඩාත් අපහසුතා සිදු වී ඇත්තේ එම ප්‍රදේශවල සිට උසස්‌ අධ්‍යාපනය සඳහා පස්‌සර නගරයේ විදුහල් වෙත පැමිණෙන සිසු සිසුවියන් ඇතුළු රජයේ සේවකයන්ට බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඉකුත් මාසයේ ඌව පළාත් සභාව හරහා විශාල මුදලක්‌ වැය කොට මේ මාර්ගය අලුත්වැඩියා කර තිබිණි. 2010 වසරේ වැසි සමයේ මෙම ස්‌ථානයට විශාල ගලක්‌ පෙරළී අවහිර වී මාස හයකට අධික කාලයක්‌ ප්‍රදේශවාසීන්ට විවිධාකාරයේ හිරිහැරවලට ලක්‌ වීමට සිදුවී තිබිණි.


http://www.divaina.com/2011/11/28/news10.html

No comments:

Post a Comment