Tuesday, November 29, 2011

Rain, Wind & Flood damage (5 items)

දිස්‌ත්‍රික්‌ක 14 ක 66286ක්‌ තාමත් විපතේ

තුෂාරී කළුබෝවිල

තද සුළං, තද වැසි, ජල ගැලීම්, නායයැම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 14 ක පුද්ගලයන් 66286 දෙනකු ඊයේ (28 වැනිදා) දහවල් වන විටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා "දිවයින"ට පැවසීය. පුද්ගල මරණ 20 ක්‌, අතුරුදන්වීම් 20 ක්‌ හා තුවාලකරුවන් 41 ක්‌ වාර්තා වූ බවද එA මහතා කීවේය. විනාශ වූ නිවාස සංඛ්‍යාව 7137 ක්‌ වන අතර සහන කඳවුරු 7 ක පුද්ගලයින් 1723 දෙනකු තාවකාලිකව රැඳී සිටින බව ද හෙතෙම පැවසීය.

http://www.divaina.com/2011/11/29/news08.html


තව වැසි වැටුණොත් ගිං ගඟ උතුරා යයි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ල දිස්‌ත්‍රික්‌කය වෙත පසුගිය 25 වැනි දින බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌ එකක්‌ (11631) දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. පවුල් තුන්දහස්‌ එකසිය තිස්‌ පහක්‌ (3135) මෙසේ පීඩාවට පත්ව ඇති අතර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම හානි ප්‍රමාණයක්‌ ඉමදුව හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලින් වාර්තා වන බවද ආපදා කළමනාකරණ එAකකය පවසයි.

දිස්‌ත්‍රික්‌කයේ නිවාස දෙසිය තිස්‌ පහකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස දෙදහස්‌ නවසිය හතළිස්‌ එකකට අර්ධ හානි සිදුව තිබේ.

මේ වන විට ගාලු දිසාවේ මාර්ග අවහිරවීම් සියල්ල යථා තත්ත්වයට පත්කර ඇති අතර පිරිසිදු කිරීම් කටයුතු සඳහා යුද හමුදාව යොදාගෙන ඇති බවද ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථාන ප්‍රධානී කර්නල් අසිත රණසිංහ මහතා "දිවයින"ට පැවසීය.

ඉමදුව, අක්‌මීමන හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල විදුලිය බිඳවැටීම් ඊයේ (28 දා) දහවල් වන විටත් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබූ අතර බොහෝ ප්‍රදේශවල විදුලිය නොමැතිවීමෙන් මහජනතාව දැඩි අසීරුතාවට ලක්‌ව සිටියහ.

මේ අතර ඉකුත් දින කිහිපය තුළ ගාල්ලට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර මට්‌ටමට පැමිණ තිබූ අතර තවලමින් අඩි දහසයක්‌ ලෙස ද බද්දේගමින් මීටර් හතරයි දශම පහක්‌ ලෙස ද ගිං ගඟේ ජල මට්‌ටම සටහන්ව තිබිණි.

තවදුරටත් වර්ෂාව පැවතුනහොත් ගිං ගඟ උතුරා යැමට ඉඩ ඇතැයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරති.

http://www.divaina.com/2011/11/29/news09.html


උතුරට තාමත් මහ වැසි - කුඹුරු අක්‌. 220 ක්‌ යටවෙයි
වැව් 21 ක්‌ පිටාර ගලයි


මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

උතුරු පළාතට තවදුරටත් පවත්නා වර්ෂාව නිසා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මේ හේතුවෙන් වගා බිම් විශාල ප්‍රමාණයකට හානි සිදුවී තිබේ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වවුනියාවේ වැව් 21 ක්‌ මේ වනවිට පිටාර ගලමින් පවතී. කුඹුරු අක්‌කර 220 කට අධික ප්‍රමාණයක්‌ ජලයෙන් යටවී විනාශයට පත්ව තිබේ.

වවුනියාව නගරයේ ප්‍රධාන වැව් වන සමනත්කුලම, වෙලිකුලම, නාන්ඩිකුලම, ඕමන්ද, මයිලම්කුලම, පුදුරුතලාම, වෙඩිතිබ්බ වැව ඇතුළු වැව් රාශියක්‌ මේ වනවිට පිටාර ගලමින් පවතී.

http://www.divaina.com/2011/11/29/provin01.html


කප්පරවැල්ල වරායේ තිබූ බෝට්‌ටු 5 කට හා ධීවර ආම්පන්නවලට දැඩි හානි

ගන්දර දෙවිනුවර : එන්. කේ. කේ. ගුණතිලක

පසුගිය 25 දින උදේවරුවේ පැවැති තද කුණාටු තත්ත්වය හා මුහුදේ රළ පහර දැඩිවීම නිසා කෝට්‌ටගොඩ කප්පරවැල්ල ධීවර වරායේ නතර කර තිබූ කුඩා බෝට්‌ටු (µයිබර් ග්ලාස්‌ බෝට්‌ටු) පහකට හා ධීවර ආම්පන්නවලට දැඩි හානි සිදුවී තිබේ.

වරායේ නතර කර තිබූ බෝට්‌ටු විශාල ප්‍රමාණයකට සිදුවීමට තිබූ හානිය ධීවරයින් දැඩි පරිශ්‍රමයක්‌ දරා වළක්‌වා ගෙන ඇත.

බෝට්‌ටුවලට හා ධීවර ආම්පන්නවලට ලක්‍ෂ 8 කට වැඩි හානියක්‌ සිදුවී ඇතැයි ධීවර කාර්මිකයෝ පවසති. බෝට්‌ටුවලට සිදුවී ඇති හානිය පිළිබඳව දික්‌වැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

http://www.divaina.com/2011/11/29/provin02.html


Gale displaced rises to 66,760

Ridma Dissanayake

The number of families and persons affected by the heavy rains and wind has increased, the Disaster Management Centre (DMC) reported yesterday.

The number of affected families has increased by around 3, 608 and the number of affected persons has increased by 12,987. A total of 66, 760 persons belonging to 16,945 families have been affected by rain, wind and floods during the past few days, the report said.

According to the DMC report, 1,705 persons belonging to 424 families have been displaced and relocated in camps.

Twenty two deaths and 41 injured persons have also been reported while the number of missing persons is 19. Around 746 houses were fully damaged and 6,457 were partially damaged due to the cyclonic winds.

Around 13,755 persons have been affected in the Matara district. These persons belong to 2,755 families and are from Weligama, Matara, Welipitiya, Devinuwara, Thihagoda, Malimbada, Akuressa and other divisional secretariat divisions in the Matara district.

Around 5,981 persons from 1,540 families in the Jaffna district have been affected. Around 550 persons belonging to 155 families were displaced and relocated.

Seven camps have been established and three among them are in the Jaffna district. Others are in Nuwara-Eliya,Badulla and Kilinochchi districts.

Eighteen thousand three hundred and seventy four persons belonging to 4875 families in the Ampara district have been affected by floods.

There is no serious damage physical resources, one house was damaged and 10 have been partly damaged due to the winds.

Around 11,863 persons belonging to 3,184 families in the Galle district, 11,181 persons belonging to 3,263 families in the Batticaloa district, 3,274 persons (504 families) in Kilinochchi, 1,944 persons (499 families) in Mullaitivu, 347 persons (81 families) in Badulla and Nuwara-Eliya districts and 21 persons (six families) have also been affected by rains, floods and wind in the last four days, the DMC reported.

The Navy had deployed two vessels and one gun boat to recover bodies in last Friday’s Gale.

They are continuing with their mission to find bodies of missing fishermen and others, Navy Spokesman Commander Kosala Warnakulasuriya told the Daily News, yesterday.

Rains will continue in the Western and Southern provinces and thunder showers will also develop at several places, the Meteorology Department said yesterday.

http://www.dailynews.lk/2011/11/29/news10.asp

No comments:

Post a Comment