Saturday, November 26, 2011

Damage by winds and floods (6 items)

රට පුරාම මහ වැසි! සිව් දෙනෙක්‌ මියයති
උතුරට, දකුණට හා උතුරුමැදට දැඩි බලපෑම්
දෙදෙනෙක්‌ අතුරුදන්, නිවාස 300කට හානි


අනුර බාලසූරිය, තුෂාරි කළුබෝවිල, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඊයේ (25 වැනිදා) සහ පෙරේදා (24 වැනිදා) සිදු වූ ජල ගැලීම්, නායයැම්, පස්‌ කඳු කඩා වැටීම් සහ තද සුළං තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ දෙදෙනකු අතුරුදන් වී නිවාස 300 කට අධික ප්‍රමාණයක්‌ විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වාර්තා කරයි.

මියගිය පුද්ගලයන් සිව්දෙනාගෙන් තිදෙනකු මාතර ප්‍රදේශයේ වන අතර ඉන් එක්‌ අයෙක්‌ මාතර පස්‌ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවස මතට ගසක්‌ කඩා වැටීමෙන් ඔහු මරණයට පත්වී ඇති අතර මියගිය අනෙක්‌ තිදෙනා ඊයේ (25 වැනිදා) මසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ මළ සිරුරු ඊයේ (25 දා) දහවල් දෙවුන්දර මුහුදු වෙරළේත් හවස අහංගම වෙරළේත් තිබී සොයා ගැනුණි. මියගිය තවත් ධීවරයකුගේ සිරුර ඊයේ හවස්‌ වනතුරුත් සොයාගෙන නොතිබිණි.

Read full news item: http://www.divaina.com/2011/11/26/news02.html


සුළි සුළං හා ගංවතුරෙන් නගර රැසකට හානි
ජන ජීවිතය අඩාලයි


Pictures: http://www.divaina.com/2011/11/26/news17.html


ගාල්ලට-මාතරට තද සුළං-මහ වැසි

* පුද්ගලයෝ 23ක් තුවාල ලබති

* නිවාස-ගොඩනැඟිලි 500කට හානි

* විදුලිය-දුරකතන ඇන හිටී


භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, නුවන් කොඩිකාර, ගාල්ල දිසා සමූහ, මාතර දිසා විශේෂ, දික්වැල්ල සමූහ,
බද්දේගම මධ්‍යම විශේෂ හා හබරාදූව සමූහ

ගාල්ල-මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (25) ඇති වූ හදිසි තද සුළං තත්ත්වයෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ අතර පාසල්, නිවාස, රජයේ ගොඩනැගිලි 500කට වැඩි ප්‍රමාණයකට හානි සිදු විය.පස්ගොඩ ප්‍රදේශයේ නිවසකට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇති අතර ධීවර බෝට්ටුවක් පෙරළී අනෙක් මරණ සිදුවී තිබේ. දෙවිනුවර හා වැලිගම මුහුදු වෙරළට එම මළ සිරුරු ගොඩගසා ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ. අතුකෝරල මහත්මිය පැවසුවාය. අනතුරුවලින් තුවාල ලැබූ වන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කීය.මිදිගම මහ විදුහලේ සිසුන් පස් දෙනෙකු ද තුවාල ලැබූ පිරිස අතර වෙතැයි පොලිසිය පැවසීය.

මීට අමතරව මහාමාර්ග මතට ගස් කඩා වැටීමෙන් ගමනා ගමනය අඩාල වීම්, සන්නිවේදන මාර්ග ඇන හිටීම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 130කට පමණ තද සුළං තත්ත්වයෙන් අලාභහානි සිදු වූ බවත් ගොඩනැඟිලි සහ ගස් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 13ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් විජේරත්න සකලසූරිය මහතා පැවසීය. මේ තත්ත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් පාසල් ළමයින් ඇතුළු පුද්ගලයන් ආරක්ෂිත ස්ථානකරා ගෙන යාමට පියවර ගත් බව ද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අනාවරණය කළේය.


Read full news item: http://www.dinamina.lk/2011/11/26/_art.asp?fn=n1111261

ධීවරයෝ 7කගේ සිරුරු වෙරළට ගොඩ ගසති

තවත් අටක් අතුරුදහන්


රක්ෂණ ශ්‍රියන්ත - පණ්ඩුක සමරසේකර සහ ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

මාතර මුහුදු තීරයේ ඊයේ (25) ඇතිවූ සුළි කුණාටුවට මැදිවූ මුහුදු ගිය ධීවරයින් 07 දෙනෙකු ගේ මළසිරුරු වෙරළට ගොඩ ගසා ඇතැයි ගන්දර පොලිසියට පවසයි. හමුවූ මළ සිරුරු ගන්දර කප්පරතොටින් මුහුදු ගිය ධීවරයන්ගේ බවට හඳුනාගෙන තිබේ. මෙම ධීවරයන් සමඟ මුහුදු ගිය තවත් 08 දෙනෙකු අතුරුදන් වී ඇතැයිි ගන්දර පොලිසිය පවසයි.

තවද මුහුදේ අධික කැළඹිලි ස්වභාවය නිසා ඇතිවූ ප්‍රචණ්ඩ මුහුදු රළ හේතුවෙන් ගන්දර ධීවර වරායේ නවතා තිබූ ධීවර බෝට්ටු ගණනාවක් ද මුහුදු බත් වී ඇති බව පොලිසිය පවසයි. මේ අතර අධික සුළං තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රදේශයේ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිස මතට ගසක් කඩා වැටීමෙන් එම පුද්ගලයා එතැනම මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

මේ අතර ඊයේ (25) පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් කැබිතිගොල්ලෑව දඹගහවැව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකු මතට ගසක් කඩා වැටීමෙන් එම පුද්ගලයා ද එතැනම මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

http://www.dinamina.lk/2011/11/26/_art.asp?fn=u1111261

Inclement weather rocks country: Eight die, thousands hit


The gusty winds that blew across the Southern coastal belt left eight persons dead and affected thousands yesterday. A total of 6,153 persons belonging to 1,281 families were affected by the inclement weather around the country.


Traffic affected by floods


Matara district reported the highest number of people affected by the bad weather.

The Police and Security Forces along with government officials were deployed to provide relief to the affected. Over 120 houses were fully damaged and 1,025 houses partially damaged by the gale.

According to a spokesman at the Disaster Management Centre, the highest number of deaths were reported from the Matara district.

Traffic on many roads in the Matara, Galle and Hambantota districts were obstructed due to trees falling on roads while the power supply was also interrupted in the area. The highest number of affected persons were reported from the Matara and Weligama Divisional Secretariat divisions.

Roofs of a number of houses including schools in the Matara district were blown off.

Badulla, Batticaloa, Moneragala, Anuradhapura and Polonnaruwa districts also experienced heavy rain. Sluice gates of Nachchaduwa tank and Kala Wewa in the Anuradhapura district were opened with the water reaching spill level.

Over 700 persons belonging to 204 families were affected in the Batticaloa district.

A number of schools and houses were partly damaged due to the gusty winds experienced along the coastal belt from Tangalle to Ambalangoda.

According to the Matara District Disaster Management Co-ordinator Capt S C K Balasooriya the wind cause damages to many properties in the coastal belt. Roofs of many houses in the coastal belt in Matara have been blown away. Disaster Management Centre officials said the damage caused by the gusty winds has not been estimated.

http://www.dailynews.lk/2011/11/26/news03.asp


Gale force winds, floods wreak havoc, kill eight


By Lal Gunasekera

Heavy rains and gale force winds that lashed most parts of the country yesterday caused havoc leaving eight persons dead and thousands homeless. Of the eight deaths reported, seven were from the Matara district and the other from Moneragala.

According to the Disaster Management Centre, Five deaths were reported from Weligama and one each from Pasgoda and Thihagoda in the Matara. District where four other were injured.

Further, 5305 persons from 1061 families were affected as 106 houses were completely destroyed while 955 were partially damaged. Electricity supply too was affected in several areas of the District due to falling trees damaging power lines.

One death due to drowning was reported from the Siyabalduwa area in the Moneragala District. Authorities said that they were forced to open six sluice gates of the Weheragala tank.

In the Batticaloa District, 776 persons from 204 families in Eravur, Maumunai.West and Kplalai Pattu south were displaced.

One person was reported missing in the Malwattu Oya at Tantirimale in the Anuradhapura District. Seven sluice gates of Eruwewa, three of the Nachchaduwa tank and one of the Kalaa Wewa were opened, while the water levels were increasing in the Malwattu Oya and Yan Oya.

Galle district suffered badly due to strong winds with 14 houses destroyed and 55 partially damaged with electricity being interrupted due to fallen trees in some areas.Seventy two people from 16 families were left homeless in the Hambantota District, while only one house was destroyed and 15 partially damaged.

Floods were reported from the Northern, Eastern, Southern and North Central Provinces and the Meteorology Department reported that there would be occasional showers in most parts of the island today (26) with heavy rains forecast in some areas with fairly strong winds, specially in the Western and Southern Provinces.

No comments:

Post a Comment