Wednesday, November 30, 2011

Extreme weather damage: 27 dead, 15 missing (2 items)

අයහපත් කාලගුණයෙන් 27ක් මරුට: 15ක් අතුරුදන්


උදුලා පීරිස්, අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු සහ කොරතොට සමූහ සී. ගමගේ


දින කිහිපයක සිට දිවයින පුරා ඇදහැළුණු ධාරානිපාත වැසි හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට මරණ 27 ක් හා අතුරුදන්වීම් 15 ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා “දිනමිණ” ට කීය. තද සුළං තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානිවූ නිවාස ගණන 804 ක් බව ද, අර්ධ වශයෙන් හානි වූ නිවාස 7913 ක් බව ද කී කොඩිප්පිලි මහතා, මේ වන විට වැඩිම හානි සිදුවූ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයන්හි කාලගුණ තත්ත්වය යහපත් වී ඇතැයි ද කීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් සඳහා රුපියල් 15,000 ක වන්දි මුදලක් ද ලබාදීම කඩිනමින් සිදුකරන බව ද කොඩිප්පිලි මහතා කීය. පූර්ණ වශයෙන් හානිවූ නිවසක් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් ලක්‍ෂයක මුදලක් ද, අර්ධ හානිවූ නිවසක් සඳහා රුපියල් පනස්දහසක මුදලක් ද ලබා දීමට කටයුතු යොදා ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වර්ෂාවෙන් නිවාස 64 කට අලාභහානි සිදු වී පුද්ගලයන් 270 ක් අවතැන්ව ඇති අතර පූර්ණ වශයෙන් නිවාස 12 ක් හානියට පත්ව ඇතැයි වාර්තාවේ.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 19 ක්, බණ්ඩාරවෙල පවුල් 26 ක්, ඇල්ල පවුල් 14 ක්, ඌවපරණගම පවුල් 1 ක්, හාලිඇළ පවුල් 4 ක් අවතැන්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කේ. දිසානායක මහතා කීය. පසුගියදා ඇතිවූ හදිසි සුළි සුළං තත්ත්වය හේතුවෙන් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 21 ක නිවාස හා දේපළ හානි 100 ක් වාර්තා වී ඇත. නිවාස 58 ක් පූර්ණ වශයෙන් ද, නිවාස 42 ක් අර්ධ වශයෙන් ද හානියට පත්ව ඇතැයි වාර්තාවේ.

පූර්ණ හානි වූ නිවාස සඳහා ටෙන්ට් රෙදි හා අවතැන්වූවන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක් අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශිකයන් හරහා බෙදා දීමට කටයුතු කර ඇති බව “දිනමිණ” ට වාර්තාවේ. ග්‍රාම නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියලු දේ සිදුවන බව අතුරලිය ප්‍රාදේශීය ලේකම්වරයා කීය. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානිවූ නිවාස 142 ක් ද, පූර්ණ හානි වූ නිවාස 16 ක් ද, අර්ධ හානි වූ නිවාස 126 ක් ද, වාර්තා වෙන අතර අලාභහානි සිදුවූවන් වෙත කඩිනමින් ආධාර උපකාර සපයා දී වියළි ආහාර සලාකය බෙදා දීමට කටයුතු කළ බවත්. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ මාතර දිස්ත්‍රික් ලේකම්තුමියගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියලු කටයුතු ඉටුවන බව ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතා කීය.

මේ අතර සවස් කාලයේ දිවයිනෙහි තැනින් තැන ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයන්හි කාලගුණය යහපත් තත්ත්වයට පත්ව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n1111303


අයහපත් කාලගුණයට 27 ක්‌ බිලි වෙති

තුෂාරී කළුබෝවිල

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 27 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා zදිවයිනZට පැවැසීය.

විපතට පත්වූන්ගේ සංඛ්‍යාව ඊයේ (29 වැනිදා) වනවිට 71482 දක්‌වා වැඩි වී ඇති බවත්, සහන කඳවුරු 7 ක පුද්ගලයන් 1705 දෙනකු තවදුරටත් තාවකාලිකව නවාතැන්ගෙන සිටින බවත් කොඩිප්පිලි මහතා කීවේය.

තවමත් පුද්ගලයන් 15 දෙනකු අතුරුදන්ව ඇති අතර තුවාල ලැබූ 39 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව හෙතෙම පැවැසීය.

විනාශයට පත් නිවාස සංඛ්‍යාව 8717 ක්‌ වන අතර එයින් 804 ක්‌ නිවාස මුළුමනින් ම හානියට පත්ව ඇතැයි කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

http://www.divaina.com/2011/11/30/news08.html

No comments:

Post a Comment