Thursday, November 24, 2011

රංගඩියාව රක්‍ෂිතයේ සුදු හඳුන් ජාවාරම දැලේ


ගලේවෙල- සාතික්‌ මොහොමඩ්

ගලේවෙල රංගඩියාව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සුදු හඳුන් ජාවාරමක්‌ හෙළි කර ගැනීමට ගලේවෙල පොලිසිය සමත් වී ඇත.

ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො.ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ විසින් රංගඩියාව රක්‍ෂිතය වැටලීමෙන් අනතුරුව එහි සුදු හඳුන් ගස්‌ කපා විනාශ කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. සැකකරු සතුව තිබූ සුදු හඳුන් කිලෝ 57 ක්‌ පොලිස්‌ භාරයට ගත් අතර සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

දිගු කලක සිට සැකකරු මෙම රක්‍ෂිතයේ වටිනා සුදු හඳුන් ගස්‌ කපා කුඩා කැබලි වශයෙන් ආයුර්වේද බෙහෙත් වෙළෙඳ සල්වලට විකුණන බව පොලිසිය හෙළිකරගෙන තිබේ. සැකකරු සමග මෙම සුදු හඳුන් තොගය දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො.ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (22376) රත්නායක, (27325) අතාවුද, පො.කො. (3652) සංජය, (33165) රංගජීව, (33851) දිසානායක මහත්වරු මෙම වැටලීම සිදු කළහ.


http://www.divaina.com/2011/11/24/provin01.html

No comments:

Post a Comment