Thursday, November 24, 2011

කාබයිට් පලතුරු කන්න නම් එපා!

සමන්මලී ප්‍රියශාන්ති

කාබයිට් යෙදූ පළතුරුවල පිලිකා කාරක වර්ධනය වන බව පර්යේෂණ මඟින් සොයා ගෙන තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය සහිත පළතුරු ආහාරයට ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට බරපතළ හානි සිදු විය හැකි බවටද අනාවරණය කෙරේ.

කාබයිට් යෙදූ පළතුරු අලෙවිය නවතා දැමීමට අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සකස් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මුදල් සෙවීමේ පරමාර්ථයෙන් කෙරෙන ලාබ වැඩවලට රජය කිසිම විටෙක අනුමැතිය නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කරයි.

ඒ අනුව අන්නාසිවල මල් පීදීම උත්තේජනය කිරීමට භාවිත කරන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය උපයෝගී කොට ගෙන සෞඛ්‍යයට හිතකර ලෙස පළතුරු ඉදවා ගැනීමට හැකි බවත් කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව කියයි.

කෙසෙල් ඇතුලු පළතුරු වර්ග රැසක් පිටපලාත්වල සිට කොළඹට ගෙන එන අතර මඟදී වාහනය නවතා ඒවාට කාබයිට් ගසන බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ නිසා එම පළතුරු කොළඹට එන විට කහ පාටට පෙනෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වෙළෙඳුන් මුල්‍යමය වටිනාකම පමණක් සළකා කටයුතු කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් මෙම විනාශයෙන් ජනතාව බේරා ගැනීම සඳහා පාරිභෝගිකයාත් වෙළෙන්දාත් ආරක්ෂා වන ක්‍රමයකට යා යුතු බවත් ඇමැතිවරයා පවසයි.

එවැනි විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අබේවර්ධන මහතා ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවට උපදෙස් දී ඇත.

http://www.dinamina.lk/2011/11/24/_art.asp?fn=n1111246

1 comment:

  1. 2009 වසරේ සිට අප ආයතනය සාකච්ඡුා කළ මෙම කාරණය පිළිබ`ද අවධානය යොමු වීම ප‍්‍රමාද වී හෝ සිදු වීම ඉතා වැදගත්
    අප රටපුරා ජනතාව දැනුවත් කරමින් මෙම තත්ත්වය පාලනය ස`දහා කටයුතු කිරීම යම් පමණ සාර්ථක වී ඇති බව වත්මන් තීරණයෙන් පෙනී යයි.
    රට පුරා පලතුරු බෙදාහැරීමේදී කාබයිට් භාවිතය සිදු කරනුයේ ඉතා අමු තතත්වයේ පවතින පලතුරු ප‍්‍රවාහනය පහසු කර ගැනීමටයිි.
    මෙසේ ඉතා අමු පලතුරු ප‍්‍රවාහනය කර අවසානයේ කාබයිට් හෝ එන්සයිම භාවිතයෙන් ඉදීමට සලස්වා වෙළදසැල් වලට ලබාදීම සිදුවේ.
    මෙම තත්ත්වය අවම කිරීම ස`දහා පාරිබෝගික ආරක්ෂණ අධිකාරියත් කෘෂිකර්ම අමාත්‍යාංශය සම`ග එක් කර ගැනීම වැදගත් වේ.
    මෙවැනි පලතුරු විකුණන වෙළදසැල් වලට දඩ අයකරන බව දැනුවත් කර යම් කාලයක් ලබාදී පලමු වටයේ සිට දඩ අයකිරීමෙන් මෙවැනි පලතුරු බෙදා හැරින්නට විශාල බලපෑමක් ඇති වේ.
    වැටලීම් රට පුරා හා ඉතා පුලූල් ලෙස සිදු කළ යුතුය.
    මෙම නීති කි‍්‍රයාත්මක කිරීමෙන් කිසිදු ලෙස පලතුරු වගාකටයුතු වල නියැලෙන ගොවීන්ට බලපෑමක් ඇති නොවේ.
    බෙදාහැරීම් සිදු කරන අතරමැදියන්ගේ ලාභය පමණක් අඩු වන බැවින් ගොවීන්ට කිසිදු ලෙස අසාදාරණයක් සිදු නොවේ.

    බන්දු රංග කාරියවසම් - ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරය

    ReplyDelete