කරුණාරත්න ගමගේ
නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 2000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ජලයෙන් යටවී ඇත.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ලක්ෂඋයන, ආර්. බී. 5 ඇළ, වැවේතැන්න, තඹාල, සුංගාවිල යන ප්‍රදේශවල කුඹුරු මෙසේ ජලයෙන් යටවී ඇත්තේ කුඹුක්කන්ආරුව සහ තලපත්ආරුව පිටාර ගැලීම හේතුවෙනි.
මේ අතර සුංගවිල පෙරියආරු පාලමේ සිට ස්ථාන ගණනාවක් ජලයෙන් යටවීම නිසා ඓතිහාසික සෝමාවතිය පුදබිම දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය ඊයේ (21 දා) දහවල් සිට අත්හිටුවා ඇතැයි පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ජී. බී. පුෂ්පකුමාර මහතා "දිවයින" ට පැවැසීය.
පෙරියආරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබෙන බව ද ඒ මහතා කීය.
http://www.divaina.com/2011/11/22/news08.html
No comments:
Post a Comment