අර්ලි දඹදෙණිය - වැලිමඩ
වැලිමඩ සානුවට පසුගිය 19 දා සවස 4.11 ට පමණ විනාඩියක පමණ කාලයක් භූ චලනයක් ඇතිවිණි.
මේ අනුව බදුල්ල ප්‍රදේශයට එය සවස 4 විනාඩි 10 ට පමණ ඇතිවී තිබූ අතර වැලිමඩ සානුවේ නිරත දිග ප්‍රදේශයට පැතිර යැමේදී විනාඩියක පමණ කාලයක් ගතවී තිබිණි. මෙම අවස්‌ථාවේදී වැලිමඩ සානුවට ධාරාණිපාත වර්ෂාවක ලකුණුද පහළ වී දස අත දැඩි අඳුරු ස්‌වභාවයක් තිබූ බැවින් මෙම භූ චලනයේදී ප්‍රදේශවාසීහු භීතියට පත්වූ බව කියති.
මෙහිදී දේපළ හානියක් නොවූ අතර නිවෙස්‌වල දොර ජනෙල් මෙන්ම මුළුතැන්ගේ උපකරණද විනාඩියක පමණ කාලයක් කම්පනයට පත්විය.
http://www.divaina.com/2011/11/22/news11.html
No comments:
Post a Comment