Wednesday, November 30, 2011

කේරළයෙන් ගෙනා පොල් ගෙඩි 22500 ක්‌ විනාශ කළා

- මන්ත්‍රී දයාසිරිගේ ප්‍රශ්නයකට ඇමැති ජොන්ස්‌ටන් පිළිතුරු දෙයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

පොල් හිඟය නිසා කේරළයෙන් ආනයනය කළ පොල් ගෙඩි 22500 ම විනාශ කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම පොල් ආනයනය කරද්දී මෙරට වෙළෙඳ පොළේ පැවැති පොල් හිඟය මඟහැරී ගොස්‌ තිබූ බවද කී ඇමැතිවරයා, එම නිසා ගෙන්වූ පොල් තොගය විනාශ කළේ යෑයි කීවේය.

මෙම පොල් තොගය විනාශ නොකර සමෘද්ධිලාභීන්ට බෙදා දුන්නා නම් හොඳ යෑයි මෙහිදී කතානායකවරයා ප්‍රකාශ කළේය.

ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඉහත ප්‍රකාශය කළේ එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

http://www.divaina.com/2011/11/30/news22.html

No comments:

Post a Comment