Wednesday, November 30, 2011

අධිවේගී පාරේ පළමු දින ආදායම රු. ලක්‍ෂ 18 යි - දෙවැනි අනතුර කොට්‌ටාවේ දී

අකිත පෙරේරා

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ගතවූ පළමු දිනය තුළ එහි ගමන්ගත් වාහන සංඛ්‍යාව 6500 ක්‌ වන අතර එමගින් ලද ආදායම රුපියල් ලක්‍ෂ 18 ක්‌ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා "දිවයින"ට පැවසීය.

මේ අතර එම මාර්ගයෙහි දෙවැනි අනතුර සිදුව ඇත්තේ කොට්‌ටාවට ආසන්න ප්‍රදේශයේදී බීමත් රියෑදුරකු නිසා බවද සභාපතිවරයා කීය.

එම පුද්ගලයා සම්බන්ධව නීතිමය පියවර ගන්නා අතර සිදුවූ අලාභයද අයකර ගැනීමට කටයුතු කරන බවද එම අනතුර හේතුවෙන් මාර්ග සංඥ දක්‌වන කණුවකට අලාභහානි වූ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ
ය.

http://www.divaina.com/2011/11/30/news10.html

No comments:

Post a Comment