Thursday, November 24, 2011

දීඝවාපියේ ඉරිඟු හේනකින් අලි පැටවෙක්‌ හමුවෙයි


අම්පාර - සුසන්ත අමරබන්දු

රංචුවෙන් ඉවත්ව දීඝවාපිය ප්‍රදේශයේ ඉරිඟු හේනක තනිවී සිටි වයස අවුරුදු දෙකහමාරක අලි පැටවකු පෙරේදා (22 දා) සවස වනජීවී නිලධාරීන් විසින් අල්ලා අම්පාර වනජීවී කාර්යාලයට ගෙනවිත් ඇත.

මෙලෙස රැගෙන ආ අලි පැටවා ඊයේ උඩවලව ඇත් අතුරු සෙවණට යෑවීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

"මෙම අලි පැටවා මාසයක පමණ කාලයක සිටම රංචුවෙන් වෙන්ව සිටියේ. අප දිsගටම එය නිරීක්‍ෂණය කළා. අලි පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය ටිකෙන් ටික දුර්වල වන බව පෙනී ගිය නිසා මෙසේ උඩවලව ඇත් අතුරු සෙවණට යෑවුවා"යි අම්පාර වනජීවී කාර්යායේ අඩවි ආරක්‍ෂක ඩී. පී. ශ්‍රීයාසිංහ මහතා පැවැසීය.


http://www.divaina.com/2011/11/24/provin04.html

No comments:

Post a Comment