Thursday, November 24, 2011

දුර්ලභ පක්‍ෂියකු වන "ලතුවැකියකු" ළඟ තබා ගත් අයට 35,000 ක්‌ දඩ


කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

දුර්ලභ ගණයේ ඉතාමත් දැකුම්කළු ආරක්‍ෂිත පක්‍ෂියකු ලෙස හඳුන්වනු ලබන "ලතුවැකියා" නමැති පක්‍ෂියකු නීති විරෝධී ලෙස තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පෙරේදා (22 දා) පස්‌වරුවේ කන්තලේ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කෝසල සේනාධීර මහතා හමුවට පැමිණවීමෙන් පසු රුපියල් 35,000 ක දඩ මුදලක්‌ ගෙවීමට නියම කරන ලදී. දඩ මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත සය මසක සිරදඬුවමකට යටත්විය යුතු බවටද නියෝග පනවන ලදී.

මෙලෙස දඬුවම් ලැබුයේ කන්තලේ පේරාරු ජනපදයේ පදිංචි සේනුලාබ්දීන් මොහොමදු රිෂාන්ඩීන් නමැත්තෙකි.

තමන් පාරිසරික ආරක්‍ෂාව පිළිබඳව සංචාරක ගවේෂණයක නිරතව සිටියදී කන්තලේ මහ වැව් පිටියේදී අඩි 2 1/2 ක්‌ පමණ උසැති කිලෝ 5 ක්‌ පමණ බරැති ආරක්‍ෂිත සංචාරක පක්‍ෂියකු ලෙස සැලකෙන මෙම සතා සැකකරු සන්තකයේ සිටී බවත් ඒ වන විට පක්‍ෂියාගේ එක්‌ පාදයක්‌ද බිඳී ඇවිදීමට නොහැකිවී සිටි බවත් කන්තලේ පොලිසියේ පාරිසරික අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත මහතා අධිකරණයට පැවසීය.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ එම සංචාරක දැකුම් කළු දුර්ලභ පක්‍ෂියා පොලිස්‌ නිලධාරියකු විසින් අල්ලාගෙන සිටින අන්දමයි.


http://www.divaina.com/2011/11/24/news19.html

2 comments: