Saturday, November 26, 2011

‘කාලගුණය ගැන අවධානයෙන් ඉන්න’

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නුවන් කොඩිකාර හා අනුර ප්‍රේමලාල්

කාලගුණය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නැඟෙනහිර හා දකුණු පළාත්වල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ම් වන විට මඩකළපුව ඇතුළු නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකම පහත් බිම් ජලයෙන් යට වී ඇති බවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ ප්‍රදේශය තුළ ඇති බවත් ඒ නිසා ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ගාල්ල, මාතර ඇතුළු දකුණු පළාතේ තද සුළං තත්ත්වයක් පවතින බැවින් එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව සිටින ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. මේ අතර ඇදහැලෙමින් පවතින අධික වාර්ෂාව හේතුවෙන් ගං ඉවුරු කඩා වැටීම් හා සුළු නායයෑම් තත්ත්වයන් දකුණේ හා ඌව පළාත්වල සිදුවිය හැකි බැවින් ඒ පළාත්වල ජනතාව කල්පනාකාරීව සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු හඟවයි.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ වෙත අදහස් දක්වන ඒ සංවිධානයේ නායයෑම් අංශයේ ප්‍රධානි ආර්. එම්. එස්. බණ්ඩාර මහතා අධික වර්ෂාව නිසා ගංඉවුරු කඩා වැටීම්, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල කුඩා පස්කඳු කඩා වැටීම් ඇතිවිය හැකි බව දන්වා සිටියේය. මාතර, ගාල්ල, දෙනියාය, නෙළුව යන ප්‍රදේශවල ඒ අහිතකර තත්ත්වය ඇතිවිය හැකි බැවින් ජනතාව කල්පනාකාරී විය යුතු යැයි අවධාරණය කළේය.


http://www.dinamina.lk/2011/11/26/_art.asp?fn=n11112610

No comments:

Post a Comment