Sunday, November 27, 2011

සංචාරක ක්ෂේත්‍රය වාර්තා පිට වාර්තා පිහිටුවයි

සාගරිකා දිසානායක

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මේ වසරේදී ඉහළම වර්ධන වේගය වාර්තා කිරීමට සමත්ව ඇතැයි නවතම සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වෙයි. 2011 සංචරක වර්ෂයේදී සංචාරකයන් 7,50,000 ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කැර තිබු අතර 2011 නොවැම්බර් මාසය ඉක්ම යෑමටත් පෙර එම ඉලක්කය ජය ගැනීමට හැකි වී තිබේ.

2016 වන විට ශ්‍රී ලංකාවට මිලියන 2.5 ක සංචාරක පිරිසක් ආකර්ෂණය කැර ගැනීමට ද අපේක්ෂිතය. ඉතිහාසයේ එක් වසරක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරක පිරිස වාර්තා වූයේ එකී සංඛ්‍යාව 7,50,000 ක් බවට පත් කරමිනි.

2011 වසරේ දිවයිනට පැමිණි 750,000 වැනි සංචාරකයා ඉකුත් 24 දා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී මහත් හරසරින් පිළිගැනුණි. මෙහිදී මෙම වසරේ දිවයිනට පැමිණි 750,000 වැනි සංචාරකයා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට ආකර්ෂණීය ස්ථාන නැරැඹීම සඳහා සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිළිගන්වනු ලැබීය.

“2011 සංචාරක වසර ආරම්භයේදී 750,000 ක සංචාරකයන් පිරිසක් මේ වසරේ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව විය. ඒ අනුව නොවැම්බර් මාසය ඉක්මවා යාමටත් පෙර මෙම ඉලක්කය ජය ගැනීමට මේ වන විට හැකිව තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී පණිවුඩය රැගෙන යාමට හැකි විය.


http://www.silumina.lk/2011/11/27/_art.asp?fn=aa1111276

No comments:

Post a Comment