Wednesday, November 30, 2011

අක්කර 600ක ඉස්සන් වගාවක් යාපනයට

චින්තා රණසිංහ

යාපනය දිස්ත්‍රික්කයේ අල්පෙයිපිට්ටි හා අරාලි වෙරළබඩ ප්‍රදේශවල අක්කර 600ක ප්‍රදේශයක ඉස්සන් වගා කිරීමේ නව ව්‍යපෘතියක් ඇරැඹේ. මේ ව්‍යාපෘතිය නැක්ඩා ආයතනයේ සහයෝගය ඇතිව පවත්වාගෙන යාම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් අනුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.


(එම අවස්ථාවට සහභාගි වූ සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සහ යාපනය දිස්ත්‍රික් ලේකම් ඉමෙල්ඩා සුකුමාරන් මහත්මිය මෙහි සිටී.)

මේ ඉස්සන් වගා කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට පිළියම් යෙදෙන බවත්, ව්‍යාපෘතිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මඩකළපුව, වාකරෙයි හා පුත්තලම, උඩප්පුව ප්‍රදේශවල සංචාරය කිරීමට සැලැස්විය හැකි බව ඇමැතිවරයා මේ අවස්ථාවේදී සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් ඉමෙල්ඩා සුකුමාරන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණ.

http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n1111307

No comments:

Post a Comment