Saturday, November 26, 2011

ශැන්ග්‍රිලා ආයතනයට කොළඹ ඉඩමක්‌ විකිණීමෙන් පවරා තිබෙනවා

ඇමැති ජනක බණ්‌ඩාරනායක

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

කොළඹ හෙක්‌ටයාර් 4.45 ක ඉඩමක්‌ ශැන්ගි්‍රලා ලංකා පුද්ගලික සමාගමට රුපියල් කෝටි 1374 කට (ඩොලර් මිලියන 125 කට) විකිණීමෙන් පවරා ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම ඉඩඩමෙන් හෙක්‌ටයාර 2.43 ක්‌ පළමු අදියර ලෙස රුපියල් කෝටි 825 කටද, හෙක්‌ටයාර් 1.61 ක්‌ රුපියල් කෝටි 549 කට ද විකුණා ඇතැයි ඇමැතිවරයා කීවේය.

මෙම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හොංකොං. සිංගප්පුරු හා ශ්‍රී ලාංකික ජාතිකයන් සිටින බව ද, 2010.10.20 දා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට්‌ සංදේශයකට අනුව මෙම ඉඩම විකිණීමට අනුමැතිය ලද බව ද ඇමැතිවරයා කීය.

එ. ජා. ප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඉහත ප්‍රකාශය කළේය.


http://www.divaina.com/2011/11/26/news24.html

No comments:

Post a Comment