Thursday, November 24, 2011

ජන්ද සංතෝෂම්වලට පින්නවලින් "අලි" පඬුරු

ජගත් කණහැරආරච්චි

ශ්‍රීපාදස්‌ථානාධිපති ධුරයට හිමිනමක්‌ පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම්වීමත් සමඟ මැතිවරණ සංතෝෂම් ලෙස පින්නවල අලි අනාථාගාරයේ හැදී වැඩෙන අලි පැටවුන් ප්‍රදානය කිරීම ඇරැඹී ඇතැයි දැනගන්නට ඇත. මේ අනුව පින්නවල විසූ "මිහිඳු" අලි පැටවා පසුගිය 18 වැනිදා රාත්‍රියේ පින්නවලින් රැගෙන ගොස්‌ තිබේ.

මෙම "මිහිඳු" අලි පැංවා දැන් උඩවලව සංඛපාල විහාරස්‌ථානයට පරිත්‍යාග කර තිබෙන බවද, එම පැටවා අනාථාගාරයෙන් ලබා ගෙන ඇත්තේ පෞද්ගලික නමකට බවද වාර්තා වේ.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්‌ හිමිනමකගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අලි ඇතුන්ට සම්බන්ධ ප්‍රකට පුද්ගලයකුගේ මැදිහත්වීමෙන් මෙම අලි පැටවා මෙසේ අදාළ විහාරස්‌ථානයට ලබාදී ඇත.

http://www.divaina.com/2011/11/24/news09.html

No comments:

Post a Comment