Tuesday, November 22, 2011

ඛනිජ වැලි කර්මාන්තය විද්‍යාත්මකව පුළුල් කිරීමට පියවර

නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ වාර්තාකරු

ශ්‍රී ලංකා මුහුදු තීරයේ වෙරළාසන්න ඛනිජ වැලි නිධි පිළිබඳව සිදුකර ඇති ගවේෂණ හා විමර්ශන අනුව මෙරට ඛනිජ වැලි කර්මාන්තය විද්‍යාත්මක පදනමක් මත තවදුරටත් පුළුල් කිරීමට පියවර ගැනේ.

යුදමය වාතාවරණය සහ කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිසා අඩපනව පැවැති පුල්මුඩේ ඛනිජ වැලි ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු 2007 වසරේ සිට යළි ආරම්භ කරන ලදී. මේ වන විට ඛනිජ වැලි ගොඩ දැමීමේ හා අපනයන කිරීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතී. සමීක්ෂණ අනුව පුල්මුඩේ වෙරළාසන්නයේ තැන්පත්ව ඇති බැර ඛනිජ වැලි නිධිය තුළ ඛනිජ වැලි ටොන් මිලියන 06 කට වැඩි ප්‍රමාණයක් අඩංගුව පවතින බව අනාවරණය වී තිබේ.

සෑම වර්ෂයකම ඊශාන දිග මෝසම් සුළං කාලයේ වැලි නිධියෙන් අඩුවන ප්‍රමාණය යළි බොහෝ දුරට සම්පූර්ණ වන බව ලංකා ඛනිජ වැලි සංස්ථාව පෙන්වා දෙයි.

පුල්මුඩේ ඛනිජ වැලි සම්පත් ප්‍රධාන වශයෙන් අඩංගුව ඇත්තේ ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් බව ද සංස්ථාව සඳහන් කරයි. ඉල්මනයිට් සංයුතිය 70% කි.

මේ අතර පුල්මුඩේ ඛනිජ වැලි නිධියට අමතරව ඉඳුරුව, බේරුවල (මොනසයිටි, සර්කෝන් සහ රබහ), කැලණි ගංඟා මුවදොර, මීගමුව උතුරු ප්‍රදේශය, දකුණු දිග මන්නාරම තිරුක්කෝවිල් දෙවිනුවර (ඉල්මනයිටි), කුදිරමලේ තුඩුව (මෝනසයිට්) සහ හම්බන්තොට වෙරළාසන්නව රබහ ගඨචපදඥබඝ ප්‍රදේශයන් හි ද ඛනිජ වැලි නිධි ඇති බවට තහවරු කර ගෙන ඇත.

මෙයට අමතරව, මුලතිවු හා නිලාවැලි අතර නයාරු තෙවික්කාලු හා පුදොවක්කාඩු කලාපයේ වෙරළාසන්නයේ ඉල්මනයිට් ඇතුළු බැර ඛනිජ වැලි ටොන් මිලියන 7.2 ක ට ආසන්න ප්‍රමාණයක් තැන්පත් වී ඇතැයි විද්‍යාත්මක ගවේෂණයෙන් අනාවරණය වී ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශ වාර්තා අනාවරණය කරයි.

2007 සිට 2010 දක්වා කාලයේ ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් විදේශ රටවලට අපනයනය කිරීමෙන් ලබා ඇති ආදායම රුපියල් මිලියන 5000 ඉක්මවයි. 2009 හා 2010 දෙවසර වල නිෂ්පාදිත ඉල්මනයිට් රූටයිල් සහ සර්කෝන් ප්‍රමාණය ටොන් 281372 ක් බව ලංකා ඛනිජ වැලි සංස්ථාව සඳහන් කරයි.

ගතවූ දස වසරේ මැණික් ගල් ඇතුළු ඛනිජ මගින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට 1.8% සිට 2% දක්වා අඛණ්ඩව දායක වී ඇත.

2007 – 2010 වකවානුවේ මැණික් අපනයනයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් රුපියල් මිලියන 25225 ක පමණ ආදායමක් උපයා ගෙන තිබෙන බව 2011 සඳහා වන ශ්‍රී ලංකාවේ ඛණිජ ද්‍රව්‍ය පිළිබඳව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශ වාර්තාව අනාවරණය කරයි.

එප්පාවල ඇපටයිටි නිධිය, පුල්මුඩේ ඛණිජ වැලි කර්මාන්තය හා කහටගහ මිනිරන් පතල් සංකීර්ණය හැරෙන්නට මෙරට සමස්ත ඛනිජ ද්‍රව්‍ය කර්මාන්තය පෞද්ගලික අංශය සතුව පවතී.


http://www.dinamina.lk/2011/11/22/_art.asp?fn=n1111229

No comments:

Post a Comment