Friday, November 25, 2011

‘ඉදිරි සති කිහිපය ඇතුළත ඖෂධ මිලේ පාලනයක්’

ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය, සුභාෂිනී සේනානායක

ඉදිරි සති කිහිපය තුළ ඖෂධවල මිල පාලනයක් සිදුකරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

විවිධ වෙළෙඳ නාම යටතේ විවිධ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමට ඇතැමුන් කටයුතු කරන බවත් මෙම තත්ත්වය පාලනය සඳහා ඖෂධවල මිල පාලනයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

එමෙන්ම විවිධ ජාවාරම්කරුවන්ට සහ ව්‍යාපාරිකයන්ගේ ගොදුරු බවට පත්ව සිටින වෛද්‍යවරුන් සුළු පිරිසක් විසින් විවිධ වෙළෙඳ නාම සඳහන් කරමින් ඖෂධ මිලදී ගන්නා ලෙස රෝගීන්ට නිර්දේශ කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඇමැතිවරයා කීය.

මෙම තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගැනීමට තීරණය කර ඇති බව ද ඇමැතිවරයා කීය.

රෝහල්වලට අවශ්‍ය සියලු ඖෂධ හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතරම බාහිර රෝගී අංශ සවස් කාලයේත් විවෘත කර තැබීම හේතුවෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධවල වැඩිවීමක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා කීය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන විස්සක් පමණ වැයවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


http://www.dinamina.lk/2011/11/25/_art.asp?fn=n11112511

No comments:

Post a Comment