වනාන්තර හරහා දිවයන මාර්ගයක පමණක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘතීම පරිසර පද්ධතියක් හරහා වැටී ඇති මාර්ගයක වුව උදෑසන හෝ රාත්‍රී ඇඳිරියන් සමග අවධානයෙන් ඇවිද ගිය හොත් කෘමීන්, උභයජීවීන්, සර්පයින්, සිව්පා උරගයින් මෙන්ම ක්ෂීරපායින්ද නොයෙක් අවස්ථාවල මරණයට පත්ව සිටිනු හෝ ගතින් වැහිරෙන රුධිරය සමග මරණාසන්නව අවසන් හුස්ම පොද මුදා හැරගත නොහැකිව මහත් ව්‍යසනයට පත්ව සිටිනු ඕනෑම කෙනෙකුට දැක ගැනීම විරල නොවේ. ඇතැම් විට සුළු වර්ෂාවකින් පසුව වඩාත් සක්‍රීය වන උභය ජීවීන් හා උන් ගොදුරු කර ගැනීමට පැමිණෙන උරගයින් මෙසේ අකාලයේ මරණයට පත්ව සිටිනු සුලභව දැක ගත හැකිය.
ශ්‍රී ලංකාවේ ඉතිsරිව ඇති අතිශය ජෛව විවිධත්වයෙන් සපිරි නිවර්තන වර්ෂා වනාන්තර අතලොස්සෙන් ප්රමුඛස්ථානයක් ගන්නේ සිංහරාජය බව යළි යළිත් කිව යුතු නැත. සිංහරාජ අඩවිය හා ඊට අයත් විය යුතුව ඇති වනාන්තර කලාප හරහා මහා මාර්ග තැනීම ගැන නිරන්තරයෙන් පරිසර වේදීන්ගේ විරෝධය එල්ල වූ බවද නොකිව මනාය. මින් කලකට පෙර සිංහරාජයට අයත් ලංකාගම දක්වා එතෙක් පැවති මාර්ගය පුළුල් කිරීමට පරිසරවේදීන් තම විරෝධය පල කළෝය. එසේම මෑත කාලීනවද එහි තවත් පසෙකින් ඉළුඔකන්ද සුරියකන්ද මාර්ගය ඉදි කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ අතර එම ව්‍යසනයද වලක්වා ගැනීමට පරිසරවේදීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. නමුත් ඒ වන විටද මෙම යෝජිත මාර්ගය තැනීම සඳහා බව පවසමින් කිලෝමීටර් තුනකට වැඩි වනාන්තර කොටසක් වනසා දමන්නට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් හැකියාව ලැබී තිබිණි. සීග්රනේ ඉහළ යන මානව ජනගහනයට අවශ්‍ය පරිදි මං මාවත් පුළුල් වීම අවශ්‍ය වුවත් සිංහරාජය වැනි ඉතා අගනා ස්වභාවික වනාන්තර උඩු යටිකුරු කරමින් මාර්ග තැනීම එහි ජෛව විවිධත්වයට එල්ල කරන තර්ජන සුළු පටු නොවන බව සෑම සියලු දෙනෙකුම වටහා ගත යුතුව ඇත.
Read full article: http://www.divaina.com/2011/11/22/feature03.html

No comments:
Post a Comment