Monday, November 28, 2011

නැගෙනහිර ජන ජීවිතය සතියකට පසු යළි යථා තත්ත්වයට

මඩකලපුව - මොහොමඩ් ගවුස්‌

නැගෙනහිර පළාතේ ජනතාවගේ ජීවිතය සතියකට පසුව යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. පසුගිය දින කීපයක සිට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙම ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී තිබිණි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වාකරේ, වාලච්ෙච්න, කිරාන්, එරාවුර්පත්තු, එරාවුර් නගරය, වව්නතිවු හා කලවංචිකුඩි යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ජල ගැලීම් ඇතිවීම හේතුවෙන් පවුල් දහස්‌ ගණනක්‌ පීඩාවට පත්ව සිටියහ.

ඊයේ (27) දා සිට වර්ෂාව නැතත් පහත් ප්‍රදේශ කීපයක්‌ම දැනටමත් ජලගැලීම්වලට යටවී තිබේ. මාර්ග රැසක්‌ ද ජලගැලීම්වලට යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා වී ඇත.

විශේෂයෙන්ම කිරාන්, එරාවුර්පත්තු, වාකරේ හා වව්නිතිවු යන ප්‍රදේශවල ගම්මාන රැසක ගොඩබිම මාර්ගයේ ගමන් බිමන් අඩාල වී තිබේ


http://www.divaina.com/2011/11/28/news13.html

No comments:

Post a Comment