Wednesday, November 30, 2011

මේ වසරේ තැපෑලට වාර්තාගත පාඩුවක්‌

ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් දෙපාර්තමේන්තුව 2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේ මුල් මාස හත තුළ රුපියල් අටකෝටි අසූ ලක්‍ෂ හැටදාස්‌ හාරසිය දහ අටක වාර්තාගත පාඩුවක්‌ ලබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011 වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්‌වා වූ මුල් මාස හත තුළ 2010 වසරට සාපේක්‍ෂව ආදායමේ සුළු හෝ වර්ධනයක්‌ පෙන්නුම් කරන්නේ ජනවාරි, පෙබරවාරි සහ ජුනි මාසවල පමණි. ඉතිරි මාස හතරෙහිම ආදායම සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටී තිබෙන බව වාර්තා වෙයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂම පරිපාලනය සහ අක්‍රමිකතා ඉහළයැම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇතැයි තැපැල් වෘත්තිය සමිති නායකයෝ සඳහන් කරති.

තැපැල් දෙපාර්තමේන්තුව 2000 වසරේදී රුපියල් මිලියන 168 ක පාඩුවක්‌ ලැබූ අතර එය 2010 වර්ෂය වන විට රුපියල් කෝටි 300 දක්‌වා වර්ධනය වී තිබිණි.

http://www.divaina.com/2011/11/30/news02.html

No comments:

Post a Comment