Sunday, November 27, 2011

91% කට විදුලිය

මෙරට සියලු නිවාසවලින් සියයට 91 කට විදුලිය ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ සමඟම උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට සියයට 65 සිට 76 දක්වා විදුලිය ලබාදී ඇති බවද විදුලිබල ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

නැඟෙනහිර නවෝදය යටතේ ත්‍රිකුණාමලයේ ජනතාවට මේ වන විට 76% ක් පමණ ජනතාවට විදුලිය ලබාදී ඇති බවත් පසුගිය දෙවසර ඇතුළත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 3271 ක් වෙනුවෙන් විදුලිය ව්‍යාපෘති 29 ක් හා විදුලි දිග 59 ක් ලබාදී ඇති බව විදුලිබල ඇමැති පාඨලි චම්පික ඇමැතිවරයා පවසයි.

පසුගිය වසර දෙකේදි ත්‍රිකුණාමලයේ විදුලි සංවර්ධන කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 321 ක් ආයෝජනය කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට සියයට 70 කට විදුලිය ඇති අතර මේ වසරේ පමණක් රුපියල් මිලියන 679 ක වියදමින් විදුලි යෝජනා ක්‍රම 66 ක් ඉදිකර ට්‍රාන්ස්ෆෝමර් 42 ක් ස්ථාපනය කර තිබේ. විදුලි දිග 79 ක් මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.

අම්පාර දිස්ත්‍රික්කය සඳහා රුපියල් ලක්ෂ 415 ක මුල්‍ය ප්‍රතිපාදන මත නව විදුලි යෝජනා ක්‍රම 3 ක් ක්‍රියාත්මක වූ බවද පාඨලි චම්පික රණවක ඇමැතිවරයා කීය. 2011 දි රුපියල් දසලක්ෂ 1663 ක් වැය කර නැඟෙනහිර විදුලිය පහසුකම් වර්ධනය කිරීමට කටයුතු කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.


http://www.silumina.lk/2011/11/27/_art.asp?fn=aa1111278

No comments:

Post a Comment