Thursday, November 24, 2011

වරාය අධිකාරිය 2010 දී කෝටි 106 ක්‌ පාඩු ලබයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2010 වසරේදී රුපියල් කෝටි 106 ක (මිලියන 1064.51) පාඩුවක්‌ ලබා ඇතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ.

මෙම අලාභයට හේතු වූයේ ජපානයෙන් ලද ණය මුදලට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොත්පත් සහ භාණ්‌ඩාගාරයේ පොත්පත් සංසන්දනය කරද්දී සිදුවූ විදේශ විනිමය වෙනස්‌කම් යෑයි ද සභාගත කළ ලේඛනයේ දැක්‌වේ.

වරාය අධිකාරිය 2010 වසරේදී රුපියල් කෝටි 2828 ක සමස්‌ත ආදායමක්‌ ඉපයූ නමුත් එම වසරේ මුළු වියදම් රුපියල් කෝටි 2953 ක්‌ බවද නියෝජ්‍ය ඇමැතිවරයා සභාගත කළ ලේඛනයේ දැක්‌වේ. බදුවලට පෙර රුපියල් කෝටි 124 ක පාඩුවක්‌ද, රුපියල් කෝටි 18 ක්‌ බදු ගෙවූ පසුව ලැබූ පාඩුව රුපියල් කෝටි 106 ක්‌ බවද එහි සඳහන් වේ.

කොළඹ වරාය වෙත පමණක්‌ 2010 දී නැව් 2928 ක්‌ පැමිණ ඇතැයිද එම වසරේදී මෙම වරායේ බහාලුම් (කන්ටේනර්) විසිඑක්‌ ලක්‍ෂ හැට හත්දහස්‌ එකසිය හැත්තෑ තුනක්‌ හසුරුවනු ලැබූ බවද එම ලේඛනයේ දැක්‌වේ.

අනුර කුමාර දිසානායක (ප්‍ර.ජා.ස.) මහතා විසින් ඇසූ පැනයට පිළිතුරු ලෙස ඉහත ලේඛනය සභාගත කෙරිණි.


http://www.divaina.com/2011/11/24/news10.html

No comments:

Post a Comment