Friday, November 25, 2011

දුම්රිය බලවේග කට්‌ටල 13 ක්‌ ලබන වසරේ චීනයෙන් ගෙන එයි

සිරිමන්ත රත්නසේකර

නව දුම්රිය බලවේග කට්‌ටල 13 ක්‌ ලබන වසරේදී මෙරටට ආනයනය කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඊ. ඒ. පී. ආරියරත්න මහතා පවසයි.

අදාළ දුම්රිය බලවේග චීන රජයෙන් මිලදී ගැනීමට කටයුතු සකසා ඇති බවත්, එම බලවේග කට්‌ටල ලබන වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්‌වා වූ කාල සීමාව තුළ මෙරටට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ සඳහා ගිවිසුම් චීන රජය සමග අත්සන් කර ඇති බව පැවසූ හෙතෙම මෙම දුම්රිය බලවේග කට්‌ටල ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 9000 ක්‌ වැය කෙරෙන බවත් සඳහන් කළේය.

මෙම දුම්රිය බලවේග කට්‌ටලවලින් 07 ක්‌ උඩරට දුම්රිය මාර්ගයටද, 04 ක්‌ කැලණිවැලි දුම්රිය මාර්ගයටද අනෙකුත් ඒවා අවශ්‍යතා සලකා බලා යෙදවීමටද තීරණය කර තිබේ.

ඒ මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (24 වැනිදා) දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

http://www.divaina.com/2011/11/25/news15.html

No comments:

Post a Comment