Wednesday, November 23, 2011

"ඇත් ඇතිනි" ප්‍රශ්නය දුරදිග යයි - "දිවයින" පුවත් ආන්දෝලනයක්‌ වෙයි

ජගත් කණහැරආරච්චි

ශ්‍රී ලංකාවේ දකුණු වනජීවී කලාපයට අයත් ප්‍රකට වනෝද්‍යානයකින් හමුවී වනජීවී නිලධාරීන් විසින් වාර්තා කරන ලද දළ යුගලක්‌ සහිත "ඇතිනි පැටවා" ගැන පරිසර ක්‍ෂේත්‍රයේ දැන් මහත් ආන්දොaලනයක්‌ හටගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය ප්‍රථමයෙන් "දිවයින" පුවත්පතේ පළවීමත් සමඟ පරිසර හා සත්ත්ව විද්‍යා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකු මේ ගැන පුවත්පතෙන් විමසා සිටි අතර, දකුණු කලාපයේ වනෝද්‍යාන කිහිපයකින්ම කරුණු විමසා සිටි බව උද්‍යාන නිලධාරීහු සඳහන් කරති.

තවමත් මෙම පැටවා පිරිමි සතෙකුද ගැහැනු සතෙකුද යන්න විද්‍යාත්මකව තහවුරු කර නැත.

එහෙත් උද්‍යානයේ සංචාරක මගපෙන්වන්නන් කිහිපදෙනකුම "දිවයින"ට කියා සිටියේ තමන්ට හමුවූ මෙම ඇත් පැටවා තමන්ගේ දැනුමට අනුව ගැහැනු සත්ත්වයකු ලෙස හඳුනාගෙන ඒ බව අදාළ උද්‍යාන පාලකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

එහෙත් "දිවයින" ට විශේෂ ප්‍රකාශයක්‌ කළ ආසියානු අලින් පිළිබඳ විශේෂඥයකු හා පර්යේෂකයකු වන ආචාර්ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ තමන් මෙම ඇත් පැටවා තනිව හඳුනන බව හා පැටවා ඒකාන්තයෙන්ම පිරිමි (ඇතෙකු) සත්වයකු ලෙස තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි.

http://www.divaina.com/2011/11/23/news32.html

No comments:

Post a Comment